Colombo Today Local News

මහාචාර්ය චන්න ජයසුමනගේ කතාව විකුර්තියක් – ගෝඨාගේ මාධ්‍ය ප්‍රකාශකගෙන් සහ මහාචාර්යවරයාගෙන් සටහන්

මහාචාර්ය චන්න ජයසුමන මහතා විසින් ඊයේ (4) කොළඹ පදනම් ආයතනයේදී පැවති පූජ්‍ය සංසුන්ගම ඤාණරතන හිමියන් විසින් රචිත ‘කදුළින් ලියැවුණ රටක අපේක්ෂා“ ග්‍රන්ථය එළිදැක්වීමේ අවස්ථාවට සහභාගී වෙමින් සිදුකල ආන්දෝලනාත්මක ප්‍රකාශය විකුර්තියක් බව ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ ජනාධිපති අපේක්ෂක ගෝඨාභය රාජපක්ෂ මහතාගේ මාධ්‍ය ප්‍රකාශකවරයෙකු වන මිලින්ද රාජපක්ෂ මහතා සහ මහාචාර්ය චන්න ජයසුමන මහතා Facebook සටහන දෙකක් යොදා තිබෙනවා.

කෙසේ වෙතත් Colombo Today අප මෙම පුවත අද උදෑසන Video දර්ශන සමගින් වාර්තා කර සිටි අතර එම වීඩියෝවේ කිසිම ස්ථානයක මහාචාර්යවරයා දැක්වීමට උත්සහගත් අදහස අප විසින් විකුර්තිකිරීමක් නොකල බව අවධාරණය කිරීමට කැමැත්තෙමු. අප වෙබ් මාධ්‍යආයතනයක් වශයෙන් වගකීමෙන් සත්‍ය වාර්තා කිරීමට බැදී සිටින අතර රට වෙනුවෙන් සිදුකලයුතු මාධ්‍ය වගකීම හොඳින් අවබෝද කරගෙන ක්‍රියාකරන ආයතනයක් බවද සඳහන් කල යුතුය. මහාචාර්ය චන්න ජයසුමන මහතා හෝ එක් දේශපාලන පක්ෂයකට අවාසියක් සිදුකිරීමේ අරමුණෙන් අප කිසිදු වාර්තා කිරීමක් සිදු කර නොමැත.

Colombo Today විකුර්තිකිරීමක් සිදුකලාදැයි පාර්ශව කිහිපයක් අපගෙන් විමසීම් කර ඇති අතර අප කිසිදු විකුර්ති කිරීමක් සිදු නොකළ බව අවධාරණය කිරීමට කැමැත්තෙමු.

මිලින්ද රාජපක්ෂ මහතාගේ සටහන…

මහාචාර්ය චන්න ජයසුමන මහතාගේ සටහන…

අප වාර්තා කල පුවත…

ප්‍රකාශය ඇතුලත් වීඩියෝව

Editor – Colombo Today

Related posts

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය ගැන විශේෂ විවාදය අද මැතිසබයේදී

Admin

වහාබ් ත‍්‍රස්තවාදීන්ටත් වඩා දරුණු කපටි නරි හතර දෙනෙක් ආණ්ඩුවේ..

colombotoday

ලිට්‍රෝ ගෑස් මිල රු. 343 කින් වැඩි කරයි

Admin

“සාලි අළුත ගෙනා මනමාළි දවටගහ පල්ලියත් කළඹයි“ සාලිට එරෙහිව පල්ලිය ඉදිරියේ විරෝධතා

colombotoday

සිංගප්පූරුව සමග රටට අවාසි ගිවිසුමක් ගහලා.. ආර්ථිකය වනසන ඇමති ඉවත් කරන්නැයි ඉල්ලයි

colombotoday

පාස්කු ප්‍රහාරය : හිටපු ජනපති මෛත්‍රීපාල ඇතුළු විත්තිකරුවන් 5ගෙන් වන්දි අයකර ගැනීමට නියෝග

Admin