තමාට සුපිරි එන්ජිමක් සහ සුපිරි ඩයිනමෝවක් තිබෙන බවත්, එබැවින් ජවයෙන් යුතුව ජනතාවට වැඩකළ හැකි බවත් ජනාධිපති අපේක්ෂක සජිත් ප්‍රේමදාස මහතා පවසයි.
මෙය තමන්ට ශක්තිය තිබෙන හොදම කාලය බවත්, ගැහි ගැහි යන තුරු දේශපාලනය නොකර තරුණ පිරිසකට බාරදී පැත්තකට වන බවත් හෙතෙම කියා සිටී.
ඔහු මේ බව කියා සිටියේ ඊයේ නාවලපිටයේ දී පැවති ජන රැළියක් අමතමිනි.