Colombo Today Local News

ගුරුකන්දට අමුතු නීතියක්, විහාරයේ ආරක්ෂාවට සවිකළ CCTV මුලතිව් පොලිසිය ගලවා දමයි !

මුලතිව්,නයාරු ගුරුකන්ද රජමහා විහාරස්ථා‍නයේ ආරක්ෂාව වෙනුවෙන් විහාරාධිපති පුජ්‍ය මිහිදුපුර රතනදේවකිත්ති නාහිමියන්ගේ අනුශාසනා  පරිදි  විහාරයේ ආවාස ගෙය ඇතුළු විහාර සිමාවේ සි.සි.ටිවි කැමරා අද (16) දින සවිකිරීමේදී මුලතිව් පොලිස් නිලධාරීන් පැමිණ එලෙස කැමරා සවි කළ නොහැකි බවට පවසා කැමරා ගලවාදමන ලෙසට නියෝග කළ බව විහාරස්ථානයේ තාවකාලික භාරකරු වූ කැලුම් බංඩාර පවසයි.

එහිදි  තාවකාලික භාරකරු වූ කැලුම් බංඩාර පවසා සිටියේ ලොකු හාමුදුරුවෝ පිරිවෙ‍නේ වැඩකටයුක්තකට වැඩම කරලා ඉන්න හින්දා මම තමයි විහාර‍ය තාවකාලිකව බලා ගන්නේ. අපි කැමරා හයි කරමින් ඉන්නකොට මුලතිව් පොලීසියේ කට්ටියක් ආවා. ඇවිල්ලා කිව්වා පන්සලේ සිසිටිවි කැමරා හයි කරන්න බෑ කියලා. වහාම හයි කරපුවා ගලවන්න කියලා. මට කිව්වා ඔයා පන්සල බලාගන්නවානම් ඇවිල්ලා බලලා විතරක් යන්න කියලා දැන් විහාරයේ හයි කරපු කැමරා ටික ගලවලා තියෙන්නේ යනුවෙනි.

සිද්ධිය සම්බන්ධයෙන් විහාරස්ථ දායක සභාව ලේකම් මානෙල් කරුණාරත්න මහතා පවසා සිටියේ තමන්ටද පන්සල් භූමියේ ආරක්ෂාවට සිටින පොලිස් නිලධාරීන් දුරකතන ඇමතුමක් ලබා දී විහාරයේ සි.සි.ටිවි කැමරා ගලවා දැමීමට කටයුතු කරන ලෙසටත් එය අධිකරණ නියෝගයක් බවටත් පැවසු බවත්ය.

නමුත් ගුරුකන්ද විහාරයේ සියලු නඩු වව්නියාව මහාධිකරණයෙන් අවසන් කිරිමත් සමග කුමන අධිකරණ නියෝගයක් යටතේ සී.සී.ටිවි ඉවත් කිරීමට පොලීසියෙන් නියෝග කර සිටින්නේද යන්න තමන් නොදන්නා බවත් මීට පෙරද පන්සල් භූමියේ සී.සී.ටිවි සවි කළ  අවස්ථාවේදී ගලවා දැමුණු  අතර පන්සල් භූමිය තුළ සිදුවන සත්‍ය රටට පෙන්වීම සඳහා පන්සල් ආවාසය තුළ සී.සී.ටිවි සවි කල අවස්ථාවේදී මෙලෙසින් ඉවත් කිරිමට පොලීසිය කටයුතු කිරිම දැඩි අසාධාරණයක් මෙන්ම කනගාටුවට කරුණක් බවටත්ය.

Related posts

කැබිනට් ඇමැතිවරු 18ක් දිවුරති. රනිල්ගේ ඇමැති මණ්ඩලය මෙන්න

colombotoday

ඡන්දය පැවැත්වීමට ගත් තීරණයේ බෙදීමක් ඇති බවට පළවන වාර්තා අසත්‍යයි – මැතිවරණ කොමිසම

Admin

දේශපාලන පන්දමට ප්‍රධාන පොලිස් පරික්ෂක උසස්වීම් දීලා

colombotoday

බොදුබල ලිපියට ජනපති ඇස යයි.. මහබැංකුව ශරියාකරණය කරනවාද? ජනපති කාර්යාලය හොරාගෙ අම්මගෙන් පේන අහයි

colombotoday

චන්දිමාල් ගේ උපන්දින පාටියට අවසර දීම. ෂැන්ග්‍රි-ලා හෝටලයේ කළමනාකාරිත්වයට එරෙහිව නඩු

colombotoday

විධායකය අහෝසිකිරීමට එකග නොවෙයි.. එජාප ව්‍යවස්ථා යෝජනා ශ්‍රීලනිප ය ඉවත දමයි !

colombotoday