Colombo Today Local News

TNA මංත්‍රී වියලේන්ද්‍රන්ගේ සහය ගෝඨාභයට – ගුරුකන්ද නාහිමි ආදාහනයට විරුද්ධවූ බවට අසත්‍ය චෝදනාවක්

මඩකලපුව දිස්ත්‍රික් දෙමල ජාතික සංවිධානයේ මංත්‍රී වියලේන්ද්‍රන් තමාගේ සහය ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ ජනාධිපති අපේක්ෂක ගෝඨාභය රාජපක්ෂ මහතාට ලබා දෙන බව අද (14) ප්‍රකාශ කර සිටියා.

හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ කාලයේදී මඩකලපු දිස්ත්‍රික්කයට ලබා දුන් යෝධ සංවර්ධනය හේතුවෙන් තමා මේ තීරණය ගත් බවයි මන්ත්‍රීවරයා සඳහන් කර සිටින්නේ.

මීට මාස කිහිපයකට ඉහතදී, අන්තවාදී ආණ්ඩුකාරවරු සහ රිෂාඩ් බදුර්දීන් අමාත්‍යවරයා ධූරවලින් පහකරන ලෙස ඉල්ලමින් පාර්ලිමේන්තු මන්ත්‍රී පුජ්‍ය අතුරලියේ රතන හිමි මහනුවර උපවාසයක් ආරම්බ කිරීමෙන් පසුව ඊට සහය පළකරමින් මංත්‍රී වියලේන්ද්‍රන් මඩකලපුවේදී උපවාසයක් ආරම්බ කර සිටියා.

අසත්‍ය පෝස්ටු

කෙසේ වෙතත් එක්සත් ජාතික පාක්ෂ්කයින් විසින් වියලේන්ද්‍රන් මන්ත්‍රීවරයා ගුරුකන්ද නාහිමි ආදාහනයට විරුද්ධවූ බවට සමාජ මාධ්‍ය තුල අසත්‍ය ප්‍රචාරයක් දියත් කර තිබෙනවා. Colombo Today මාධ්‍යවේදීන් නාහිමි ආදාහනය සිදුවූ අවස්ථාවට් සහබාගී වූ අතර මන්ත්‍රීවරයාගේ කිසිදු සම්බන්ධයක් එම අවස්ථාවට ලබා දී තිබුනේ නෑ.

සරවනන් – මඩකලපුවේ සිට

Related posts

දේශපාලන පළිගැනීම් පිළිබඳ කොමිසමේ නිර්දේශ ක්‍රියාත්මක කිරීමට අනුමැතිය.

colombotoday

සහරාන්ගේ ප්‍රහාරය ගැන ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති නන්දන මුණසිංහ තොරතුරු ලබාදුන් බව බස්නාහිර පළාත් බුද්ධි අධ්‍යක්‍ෂ කියයි

colombotoday

වැලිගම පාසල් තුනක් වසා දමයි

colombotoday

“බන්දුල” මිය යයි

colombotoday

මුස්ලිම් අමාත්‍යවරුන්ගේ දින 30 නාටකය – මුසම්මිල්

colombotoday

කෝකිලායි සිංහල පාසලේ පිපිරීමක්.. සිසුන් අටක් රෝහලේ !

colombotoday