28.8 C
Colombo
9 April 2025
Colombo Today Local News

“ජනාධිපති මන්දිර විශ්වවිද්‍යාල බවට පත් කරනවා” – සජිත්

තමා ජනාධිපතිවරයා බවට පත් වූ පසු ජනාධිපති මන්දිර තාක්ෂණික විශ්වවිද්‍යාල බවට පත් කරන බව එක්සත් ජාතික පක්ෂයේ ජනාධිපති ධුර අපේක්ෂක සජිත් ප්‍රේමදාස අද (02) සඳහන් කර සිටියා.

ජනතා සේවයේ නියැළෙන ජනාධිපතිවරයෙකුට මන්දිර අවශ්‍ය නොවන බවත්, එවැනි ස්ථාන පවත්වාගෙන යෑමෙන් රටේ සංවර්ධනයට යෙදවිය හැකි මහජන මුදල් අපතේ යන බවත් ඇමතිවරයා සඳහන් කර සිටිනවා.

තමා ජනාධිපතිවරයා වශයෙන් වැටුප්, දීමනා හා නිල නිවාස ලබා නොගන්නා බවත්, ජනාධිපතිවරයාට මාසිකව වෙන්වන වැටුප රටේ දුප්පත්කම තුරන් කිරීමට යොදවන බවයි ඔහු පවසන්නේ.

දැනට නිවාස, ඉදිකිරීම් සහ සංස්කෘතික කටයුතු ඇමතිවරයා වශයෙන් කටයුතු කරන තමන් වැටුප්, දීමනා හෝ නිල නිවාස ලබා නොගන්නා බවයි සඳහන් කරන්නේ.

රාජ්‍ය දේපළ සුරක්ෂා කරන ස්ථාවරයේ සිට පාඩු ලබන රාජ්‍ය ව්‍යාපාර ප්‍රාග්ධන ශක්තිය ඇති ආයතන සමග ඒකාබද්ධව සංවර්ධන කිරීම සඳහා තමන්ගේ ප්‍රතිපත්ති ප්‍රකාශයට කරුණු ඇතුළත් කරන බවයි ඇමතිවරයා ප්‍රකාශ කළේ.

Related posts

ශ්‍රීලනිප ප්‍රධාන කාර්යාලය වසා දමයි

Admin

ජනපති ලේකම් ධුරයෙන් ඔස්ටීන් ප්‍රනාන්දු ඉල්ලා අස්වෙයි

colombotoday

ආනයනික පොල් තෙල් වර්ග රැසක් කෑමට තියා ඇගේ ගාන්නවත් සුදුසු නෑ – පොල් සංවර්ධන මණ්ඩලයේ සභාපති

colombotoday

ජනපති නියෝගයෙන් ශිෂ්‍යත්ව උත්තර පත්‍ර පරීක්ෂාව නවතියි

Admin

අග්නිදිග විශ්වවිද්‍යාලයේ ජාතිවාදී ගිනිදළු.. සිංහල සිසුන්ට ඉවරයක් නැති පීඩා.. පල්ලි දෙකයි. බුදු මැදුරට තහංචි !

colombotoday

අරිසිමලේ පන්සලට ගහනකොට කෝ තොපේ එකම ලේ…!

colombotoday