Colombo Today Local NewsTop Stories

ගෝඨා අත්අඩංගුවට ගැනීමට CIDය අධිකරණයෙන් ඉල්ලයි. අධිකරණය ප්‍රතික්ෂේප කරයි

ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ ජනාධිපති අපේක්ෂක ගෝඨාභය රාජපක්ෂ මහතා අත්අඩංගුවට ගැනීම සඳහා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණයෙන් ඉල්ලු ඉල්ලීම ප්‍රතික්ෂේප කර තිබෙනවා.

ඇමරිකානු පුරවැසියෙකු ලෙස 2005 වසරේදී මෙරට මැතිවරණ ප්‍රචාරක කටයුතුවල යෙදීම යන චෝදනාව යටතේ මෙලෙස ගෝඨාභය රාජපක්ෂ මහතා අත්අඩංගුවට ගැනීම සඳහා නියෝගයක් නිකුත් කරන ලෙස අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව ඉල්ලීමක් සිදු කරන ලදි. කෙසේ වෙතත් කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් ලංකා ජයරත්න මෙනවිය එම ඉල්ලීම ප්‍රතික්ෂේප කරන ලදි.

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ශානි අඹේසේකර මහතා අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාට හිතවාදී ලෙස කටයුතු කරන බවත් රණවිරුවන් සිරකිරීමට ක්‍රියා කල බවටත් සිවිල් සංවිධාන පසුගිය කාලය පුරාම චෝදනා කරන ලදි.

Related posts

Shangri-la හෝටලයේ නැවතී සිටි සැකකටයුතු පුද්ගලයන් තිදෙනෙක් පරික්ෂාවට

colombotoday

රාජිතගේ තව බොරුවක් මාට්ටුයි.. “ආවා කල්ලියට හමුදාව සම්බන්ධ නෑ“ උතුරු ආණ්ඩුකාර කුරේ කියයි

colombotoday

කුරුණෑගල හිටපු නගරාධිපති චෝදනා 11කට වැරදිකරු වෙයි

Admin

නව අධිකරණ ශාලා 100ක් ඉදි කිරීමට සැලසුම්

colombotoday

දුම්රියක් පීලි පනී – උඩරට මාර්ගයේ දුම්රිය ප්‍රමාදයි

Admin

මැයි 9 බේරේ වැව අසලදී පහරදීමට ලක්වූ අයෙක් මියයයි

colombotoday