Colombo Today Local News

පාර්ලිමේන්තු විශේෂ තේරීම් කාරක සභාව හරහා සිදුවන්නේ මෙරට බුද්ධි නිළධාරීන් දඩයම් කිරීමක්. – විජයදාස රාජපක්ෂ

පාස්කු ඉරුදින එල්ලවූ ත්‍රස්ත ප්‍රහාරය සම්බන්ධයෙන් සොයා බලා පාර්ලිමේන්තුවට වාර්තා කිරීම සඳහා පත් කළ පාර්ලිමේන්තු විශේෂ තේරීම් කාරක සභාව හරහා සැබැවින්ම සිදුවන්නේ මෙරට බුද්ධි අංශ නිළධාරීන් දඩයම් කිරීමක් බව එක්සත් ජාතික පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රී විජයදාස රාජපක්ෂ මහතා පවසයි.

මීරිගම රද්දල්ගොඩ විහාරස්ථානයේ ඊයේ(14) පැවති වැඩසටහනකට එක් වෙමින්  මේ බව සදහන්  කළේය.

ත්‍රස්තවාදය සිදු කල අය හා එයට උදව් කළ දේශපාලන නායකයින් නොමැතිව, වත්මන් ආණ්ඩුව ගෙන යා නොහැකි නිසා, ඒ ත්‍රස්තවාදීන්ට ආරක්ෂාව ලබා දී තේරීම් කාරක සභාවක් හරහා බුද්ධි අංශ නිලධාරීන් විනාශ කිරීමේ උත්සහයක නියැලී සිටින බවට ද රාජපක්ෂ මහතා සදහන් කළේය.

2001 දී අගමැතිවරයා වශයෙන් පත්ව වත්මන් අගමැතිවරයා පළමු රාජකාරිය ලෙස මිලේනියම් සිටිවල තිබු නිල බුද්ධි අංශය වටලා දැමු බව ද සඳහන් කළ විජේදාස රාජපක්ෂ මාධ්‍යයට බුද්ධි අංශ නිලධාරීන්ගේ නම් ලැයිස්තුව ප්‍රසිද්ධ කිරීම තුළින් එල්.ටී.ටී.ඊ සංවිධානය විසින් නිලධාරීන් 38 ක් ඝාතනය කළ බව ද එහි දි  කියා සිටියේය.

අප්‍රේල් මස 09 වන දින පොලිස්පතිවරයාට ගැසට් නිවේදනයක් මඟින් දැනුම් දුන් බවත් පැවසු මන්ත්‍රිවරයා, එයින් ත්‍රස්තවාදීන්ගේ නම් ලැයිස්තුව ඇති බව ද කියා සිටියේය.

බුද්ධි අංශ ලැයිස්තුව ත්‍රස්තවාදීන්ගේ අතට පත් වීමෙන් මෙතෙක් කිසිවෙකු නොදැන සිටි එම නිලධාරීන්ගේ ජීවිත අනතුරට පත්වන බවද මන්ත්‍රීවරයා මෙහිදී වැඩිදුරටත් පැවසීය.

මෙහි වගකීම ආරක්ෂක අමාත්‍යවරයා හෝ ආණ්ඩුව විසින් නොගන්නා බවද  මන්ත්‍රීවරයා  පැවසිය.

Related posts

සාමාන්‍යපෙළ අසමත් වුවත් උසස්පෙළ කැමති අංශයකින් හදාරන්න අවස්ථාව දෙනවා – අධ්‍යාපන ඇමති අකිල

colombotoday

මැතිවරණ කොමිසමෙන් විශේෂ දැනුම්දීමක්

Admin

යාපනේ ගිය ලංගම බසයකට කාත්තන්කුඩියේදී ගල් ප්‍රහාර

colombotoday

ඤාණසාර හිමි ජයවර්ධනපුර රෝහලෙන් නැවතත් බන්ධනාගාර රෝහලට…

colombotoday

“දේවාලවල පොල් ගහල කන්නලව් කරාට අපේ වැඩපිළිවෙල නතර කරන්න බෑ“ – අගමැති

colombotoday

ජපානයේදී උදයංග හමුවූ නි.ඇමති අරුන්දිකට වැඩ වරදී.. FCID යන්න වෙයි !

colombotoday