Colombo Today Local News

LTTE යුද අපරාධ කළ බවට සාක්ෂි සහිතව පළමු නඩුව විභාග වෙයි

2009 වසරේ යුද සිරකරුවන් ලෙස එල්.ටී.ටී.ඊ. අත්අඩංගුවේ සිටි නාවික හමුදා සහ යුද හමුදා සෙබලූන් 26 දෙනකු ඝාතනය කිරීම සම්බන්ධයෙන් චෝදනා ලැබ සිටි හිටපු එල්.ටි.ටි.ඊ. සාමාජිකයින් තිදෙනකුට අධිචෝදනා භාරදීම අද (24දා) වවුනියාව මහධිකරණයේදී සිදුවිය. 

මෙලෙස අධිචෝදනා ලැබුවේ හිටපු එල්.ටි.ටි.ඊ බුද්ධි සාමාජිකයින් වන මදීඅරසන් සුලක්ෂන් , ගනේෂන් දර්ශන් සහ සිවතුරෙයි සිවරූබන් නැමති වවුනියාව හා කිලිනොච්චිය ප්‍රදේශයේ පදිංචිකරුවන්ය.

2009 ජනවාරි 16 වනදා හෝ ඊට ආසන්න දිනයකදී සැකකාර හිටපු LTTE බුද්ධි සාමාජිකයින් තිදෙනා ඇතුළු පිරිසක් විසින් අත්අඩංගුවේ සිටි සෙබලුන් 26 දෙනා මුලතිව් විශ්වමඩු , වල්ලිපුනම් හි රහසිගත බුද්ධි කඳවුරකදී වෙඩිතබා ඝාතනය කොට සීනි සහ පෙට්‍රල් යොදා සිරුරු ගිනිතබා තිබූ බව ත්‍රස්ත විමර්ශන ඒකකය අධිකරණයට දනුම් දුන්නේය.

එල්.ටී.ටී.ඊ සංවිධානය විසින් යුද අපරාධ සිදුකළ බවට සාක්ෂි සහිතව ඉදිරිපත් කළ ප්‍රථම නඩුව  මෙය වන බවද පැමිණිල්ල වෙනුවෙන් පෙනී සිටි රජයේ අධිනීතිඥවරයා පෙන්වාදුන්නේය. නඩු විභාගය නැවත හෙට 25  දිනයේ කැඳවීමට නියමිත බවටද ත්‍රස්ත විමර්ශන ඒකකය දැනුම් දෙනු ලැබීය.

Related posts

කෘෂිකර්ම අමාත්‍යාංශයේ තීරණය වෙනස් වෙයි – පළිබෝධනාශක ගෙන්වන්න අවසර

colombotoday

ජනපතිගේ ආශිර්වාදයෙන් ඇමති විමල්ගේ ආරාධනයෙන් එන ඡන්දෙට මං ඉල්ලනවා..

colombotoday

ටෙස්ට් ආකෘතිය වෙනස් කිරීමට මහේල විරුද්ධ වේ.

colombotoday

ගාල්ල කටුගොඩ ප්‍රදේශ කිහිපයකට සංචරණ සීමා

colombotoday

කොකේන් භාවිත කරන මන්ත්‍රීවරුන්ට විරුද්ධව නීතිය ක්‍රියාත්මක කරන්න බෑ – මහින්ද යාපා කියයි

colombotoday

සයින්දමරුදු නගර සභාවක් ලෙස ප්‍රකාශයට පත් කිරීමේ ගැසට් නිවේදනය අත්හිටුවයි

colombotoday