Colombo Today Local News

වද සැත්කම් චූදිත දොස්තර : ඉක්මනින් නිදහස් කරන්නැයි ඇමති හලීම් ජනපතිගෙන් ඉල්ලයි…

සැක සහිත ආකාරයට වත්කම් උපයා ගැනීමක් සම්බන්ධයෙන් අත්අඩංගුවට ගැණුනු කුරුණෑගල ශික්ෂණ රෝහලේ ප‍්‍රසව හා නාරිවේද වෛද්‍ය සෙයිගු සියාබ්දීන් මොහොමඞ් සාෆි නමැත්තා පරීක්ෂණ සිදු කර මුදා හරින ලෙස අමාත්‍ය එම්. එච්. ඒ. හලීම් ජනාධිපතිවරයාගෙන් ඉල්ලීමක් කර තිබෙනවා.

මුස්ලිම් මැති ඇමතිවරු පිරිසක් ඊයේ (25) පස්වරුවේ ජනාධිපති නිල නිවසේදී ජනාධිපති මෛතී‍්‍රපාල සිිරිසේන මහතා හමුවූ අවස්ථාවේදී මෙම ඉල්ලීම සිදුකර ඇති අතර එහිදී අමාත්‍යවරයා මෙලෙස සඳහන් කළේ ‘‘එතුමත් එතුමාගේ බිරිඳත් වෛද්‍යවරු, ඒ වගේම ඒ අය දොස්තර වෘත්තියට වඩා වෙනත් බිස්නසුත් කරන අය. ඒ නිසා ඒ අයට මුදල් උපයා ගැනීමට හැකියාව තිබෙනවා. ඒ නිසා ඒ සම්බන්ධයෙන් පරී්ෂාවක් කරලා වහාම නිදහස් කරන්න‘‘යනුවෙන්.

Related posts

බඩල්කුඹුර ප්‍රාදේශීය සභා එජාප රැස්වීමේදී අපේක්ෂකයෝ ගුටි ඇන ගනිති

colombotoday

ගායන ශිල්පී දීපාල් සිල්වා දිවි ගමන නිම කරයි

colombotoday

සුනඛ පැටවුන් මෝටර් රියට යට කළ කෝටිපති ව්‍යාපාරිකයෙකුගේ බිරිද අල්ලයි

Admin

හෙලිකොප්ටර් දුන්නේ කවුද? හිටපු ජනපති හෙළි කරයි

colombotoday

විජිතට ටිරාන්ගෙන් පිළිතුරු

Admin

මාතර බන්ධනාගාරයට එන රැඳවියන් අගුණකොළපැලැස්සට

Admin