Colombo Today Local News

උතුරේ දුප්පත් හින්දු තරුණියන් බුරුතු පිටින් බලහත්කාරයෙන් ඉස්ලාම් ආගමට බදවාගෙන…

උතුරේ දුප්පත් විශාල පිරිසක් බලහත්කාරයෙන් මුස්ලිම් ආගමට බඳවා ගෙන – ‘සාරා’ කියන්නේ උතුරේ දෙමළ කාන්තාවක්

“හින්දු භක්තිකයන් මුස්ලිම් ආගමට හරවා ගැනීමේ වැඩපිළිවෙළේදී නැඟෙනහිර පළාතේ දුප්පත් විශාල පිරිසක් බලහත්කාරයෙන් මුස්ලිම් ආගමට බඳවා ගෙන සිටින බව උතුරේ සිව සේනා සංවිධානය කියා සිටිනවා.”

සිව සේනා සංවිධානයේ යාපනය සංවිධායක ශ්‍රී සිවසුබ්‍රමනියම් කුරුක්කල්වරයා කියා සිටින්නේ කටුවාපිටිය කතෝලික දේවස්ථානයේ මරාගෙන මැරෙන බෝම්බ පුපුරවා හරින ලද මොහම්මදු හසුතුන් විවාහ වී සිටි පුලස්තිනී මහේන්ද්‍රන් නොහොත් ‘සාරා’ නමැති කාන්තාවද ඒ අන්දමට මුස්ලිම් ආගමට හරවා ගන්නා ලද හින්දු කාන්තාවක් බවයි.

විවාහ යෝජනා ඉදිරිපත් කිරීම්, නිවාස තනාදීම හා වෙනත් වරප්‍රසාද මත නැඟෙනහිර පළාතේ විශාල පිරිසක් බලහත්කාරයෙන් මුස්ලිම් ආගමට හරවා ගත් බව කියන උතුරේ සිව සේනා සංවිධානය යුද සමයේදී දෙමළ තරුණියන් විශාල පිරිසක් ඔවුන්ගේ ආරක්ෂාව සඳහා මුස්ලිම් ආගම වැලඳ ගෙන මුස්ලිම් නම්වලින් පෙනී සිටි බවද කියා සිටිනවා.

මේ දෙමළ කාන්තාවන්ගෙන් ළමයින් විශාල සංඛ්‍යාවක් බිහි කරවා ගැනීමත් මුස්ලිම් අන්තවාදීන්ගේ විවිධ අපරාධ ක්‍රියා සඳහා මේ කාන්තාවන් යොදවා ගැනීමට හා ඔවුන් ඔස්සේ ආරක්ෂාව සපයා ගැනීම සිදු කළ බව පෙන්වා දෙන උතුරේ සිව සේනා සංවිධානය තවමත් නැඟෙනහිර පළාතේ සිටින ආගම් මාරු කළ දෙමළ කාන්තාවන් පිළිබඳව සොයා බැලිය යුතු බව පවසනවා. දෙමළ හින්දු කාන්තාවක් වූ ‘සාරා’ මුස්ලිම් ආගම වැලඳ ගැනීමෙන් පසුව ඇය මරාගෙන මැරෙන බෝම්බකාරියක බවට පත්වී ඇයද ඒ අන්දමටම මරුමුවට පත්වීම සුළුපටු කාරණයක් නොවන බව පවසන සිව සේනා සංවිධානය දෙමළ කාන්තාවන් විශාල පිරිසක් මුස්ලිම් ආගමට ගොස් සිටින බැවින් ඔවුන් පිළිබඳවද සියලු තොරතුරු සොයා බැලිය යුතු බව කියා සිටියි.

Related posts

ඔමික්‍රෝන් හඳුනා ගැනීමේ ජාන විශ්ලේෂණ කටයුතු ඇරඹේ

colombotoday

ජනපතිට තනපටයක් තරම්වත් ශ්‍රීපාදය වටින්නෑ වගේ.. ඔබ කාටද හිමි ඉඩම් පුතේ !!

colombotoday

ශ්‍රීලනිප රහස් හෙළිකරොත්, ජනපතිටත් වැඩ වරදයි !

colombotoday

කළුතර ලී මෝලක් ඇවිලෙයි

colombotoday

ඥානසාර හිමිගේ සාක්ෂි රෙකොර්ඩ් කරන්න හවුල් උලමා සභාවේ නීතිඥයාට අධිකරණ කටයුතු තහනම් කෙරේ

colombotoday

පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ සිසු ගැටුම: ජාතිවාදී පසුබිමක් නැහැ !

colombotoday