Colombo Today Local News

කේරළයේ මරාගෙන මැරෙන ප්‍රහාරයකට සූදානම් වූ සහරාන්ගේ අනුගාමිකයෙක් අල්ලයි…

ඉන්දියාවේ කේරළ ප්‍රාන්තයේ මරාගෙන මැරෙන ප්‍රහාරයක් සැලසුම් කළ පුද්ගලයෙකු එරට පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.

එරට ජාතික විමර්ශන ඒජන්සිය විසින් අත්අඩංගුවට ගත් සැකකරු පසුගිදා මෙරට බෝම්බ ප්‍රහාරවලට සම්බන්ධ මහමොලකරු ලෙස සැලකෙන සහරාන් හෂීම්ගේ අනුගාමිකයෙකු බවට පාපෝච්ඡාරණය කර ඇති බව වාර්තා වවෙයි.

29 හැවිරිදි සැකකරු රියාස් අබුබකර් හෙවෙත් අබු දුජානා ලෙස හදුනාගෙන තිබේ.

ඔහු අනාවරණය කර ඇත්තේ වසරක පමණ කාලයක සිට තමා සහරාන් හෂීම්ගේ සහ ශකීර් නායික් නමැත්තාගේ අදහස් අධ්‍යයනය කළ බවයි.

කේරළයේ ප්‍රහාරය එල්ල කිරීමේ සැලසුම පිළිබඳ ඔහු විසින් වැඩිදුර කරුණු අනාවරණය කර ඇති බව ඉන්දීය බලධාරීන් පවසයි.

සැකකරු අද(30) කොචී අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතයි.

Related posts

උපාධියක් අරන් ගෝඨා 2020 ජනාධිපතිවරණයට !!

colombotoday

හිටපු ඇමති දෙදෙනෙක් සජිත්ට එක්වෙයි !

colombotoday

ඊයේ පිපුරුණු දෙමටගොඩ නිවසේ හිමිකාර හාජ්ජියාර් ජනතා විමුක්ති පෙරමුණේ අපේක්ෂකයෙක්?

colombotoday

මත් ජාවාරම්කාරියගේ කෝටියක මුදල් කොල්ල කන්න ගිය හොරු අල්ලයි

Admin

රනිල්ගෙන් පස්සේ එක්සත් ජාතික පක්ෂය භාර ගන්න මම සූදානම් – රවී කියයි

colombotoday

2022 සා.පෙළ ප්‍රතිඵල නොවැම්බරයේ

Admin