Colombo Today Local News

තෙමහල් නිවසක භූගත බංකරයක්… හිමිකරු කොළඹ ව්‍යාපාරිකයෙක්…

යාපනය නාවන්තුරෙයි ආසාත් මාර්ගය පහේ මන්සන්ධිය ආසන්නයේ සිදුකළ සෝදිසි මෙහෙයුමකදී තෙමහල් නිවසක පොළව අභ්‍යන්තරයේ සකසා තිබූ භූගත බංකරයක් බවට සැකකළ හැකි ස්ථානයක් අද (28) සොයා ගත් බව යාපනය පොලිස් විශේෂ කාර්ය බළකාය පවසයි.

පොලීසිය පොලිස් විශේෂ කාර්ය බලකාය හා යුද හමුදාව ඒකාබද්දව මෙමෙ සෝදිසි මෙහෙයුම දියත් කොට ඇති අතර එහිදී අදාල තෙමහල් නිවසේ සිටි එක් අයෙකු අත්අඩංගුවට ගෙන ඇත.

නිවස ඇතුළත රහසිගත අන්දමින් මෙම භූගත බංකරය සකසා ඇති අතර එහි දිග මීටර 25 වන අතර උස  අඩි අටක් පමණ සහ පළල අඩි පහක් පමණ වන ලෙස සකසා තිබූ බව පොලිස් විශේෂ කාර්ය බළකාය සඳහන් කළේය.

ආරක්ෂිත දොරක් යොදා මෙම භූගත බංකරය වසා තිබූ අතර එයට ඇතුළුවීම සඳහා පඩිපෙලක්ද සකසා තිබිණි.

මෙය විදුලිය බලය ලබාදී ආරක්ෂිත ලෙස සකස් කර තිබූ අතර භූගත බංකරය සහිත තෙමහල් නිවසෙහි හිමිකරු කොළඹ ප‍්‍රදේශයේ රෙදිපිළි ව්‍යාපාරිකයකු බවත් ඔවුන් මේ දිනවල නිවාසයෙන් පිටව ගොස් ඇති බවත්ය.

වසර දෙකකට පමණ ඉහතදී මෙම නිවස භූගත බංකරයක්ද සමඟ ඉදිකර ඇති අතර අදාල භූගත බංකරය ඉදිකිරීම පිළිබඳ පුලුල් පරික්ෂණයක් ආරම්භ කොට ඇති බවටද පරික්ෂණ සිදු කරන යාපනය පොලිසිය සහ යාපනය පොලිස් විශේෂ කාර්ය බළකාය කියා සිටියි.

– වන්නි රොමේෂ් මධුෂංඛ

Related posts

නව ව්‍යවස්ථා සංශෝධනය ජනවාරී 8 කුමන්ත්‍රණයේ දිගුවක් – ආචාර්ය ගුණදාස අමරසේකර

colombotoday

හදිසි නීතිය පැනවීටම මහජනතාවට හේතු දක්වන්න – මානව හිමිකම් කොමිෂන් සභාව

colombotoday

පොහොට්ටුවේ නාම යෝජනා බලාපොරොත්තුවෙන් සිටි බහතුරයකට නාම යෝජනා නොදෙයි

colombotoday

ශානි අබේසේකර යළි රිමාන්ඩ්.. රට හැර ගිය නිශාන්ත සිල්වා අත්අඩංගුවට ගන්නැයි වරෙන්තු

colombotoday

රාජාංගනයේ සද්ධාරතන හිමි තවදුරටත් රිමාන්ඩ්

Admin

හෙරොයින් සමග යුවලක් අත්අඩංගුවේ

colombotoday