Colombo Today Local News

ඥානසාර හිමිට විරුද්ධව බොරු සාක්ෂි දුන් බවට චෝදනා එල්ල වූ උපුල් කුමාරප්පෙරුම ඉබ්‍රහිම් හාජ්ජියාර් සමග 2015 ජේවීපී ජාතික ලැයිස්තුවේ

බොදුබලසේනා සංවිධානයේ මහලේකම් රාජකීය පණ්ඩිත ගලගොඩඅත්තේ ඥානසාර හිමිට විරුද්ධව අධිකරණයේදී බොරු සාක්ෂි ලබාදුන් බවට භික්ෂූන් වහන්සේලා වෙතින් චෝදනා එල්ලවූ, ප්‍රගීත් එක්නැලිගොඩ වෙනුවෙන් පෙනී සිටි නීතිඥ උපුල් කුමාරප්පෙරුම මෙරටට එල්ල වූ ත්‍රස්තවාදී ප්‍රහාරයේ ප්‍රධාන සැකකරුවෙකු වන දෙමටගොඩදී අත්අඩංගුවට පත් මොහොමඩ් ඉබ්‍රහිම් හෙවත් ඉබ්‍රහිම් හාජ්ජියාර් එකට 2015 පාර්ලිමේන්තු මැතිවරණයේ දී ජනතා විමුක්ති පෙරමුණ විසින් ඉදිරිපත් කරන ලද ජාතික ලැයිස්තු න්ත්‍රීධූර සඳහා ඉදිරිපත් වී ඇත.

මේ පිළිබඳව අප බොදුබල සේනා සංවිධානයෙන් විමසීමක් සිදු කළ අතර එහි ප්‍රකාශකයෙකු සඳහන් කළේ ඥාණසාර හිමි සිරගත කිරීමට අවශ්‍ය වටපිටාව සෑදීම ත්‍රස්තවාදීන්ගේ ප්‍රථම ප්‍රහාරයදැයි සැක පහල වන බවයි.

ඉතා සාමකාමීව තිබූ අධිකරණ පරිශ්‍රය මෙම නීතිඥයින්ගේ පැමිණීමත් සමගම කලබලයට පත්වූ බවත් පූජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර හිමි අධිකරණයට අපහාස වන අයුරින් කිසිවක් නොකළ බවත් මෙම නීතිඥයින්ගේ ප්‍රකෝප කිරීම් හමුවේ ඥානසාර හිමි ඔවුන්ට පිළිතුරු ලබාදුන් බවත් අධිකරණයට සැබෑ ලෙසම අපහාස කළේ ඥාණසාර හිමි ද නැත්නම් මේ නීතිඥයින් දැයි විමසා බැලිය යුතු බවත් ජනාධිපති නීතිඥ ටිරන්ත වලලියද්ද මහතා මීට සති කිහිපයකට පෙර මාධ්‍ය හමුවක් පවත්වමින් සඳහන් කර සිටියා.

එම ජාතික ලැයිස්තුව පහතින්….

Related posts

ශ්‍රී ලාංකිකයින්ට බහරේන්හි රැකියා බලපත්‍ර ලබාදීම තාවකාලිකව අත්හිටුවයි

colombotoday

සුවස් ඇළ අවහිර කරමින් සිරවී තිබු නෞකාව මුදවාගනී

colombotoday

ඊශ්‍රායල – හමාස් සටන් විරාමය දීර්ඝ කර ගන්න සාකච්ඡා

Admin

හිටපු කොටි 30 ක් ජර්මනියෙන් ශ්‍රී ලංකාවට පිටුවහල් කරයි.

colombotoday

“අපිට දකුණේ ඡන්ද අවශ්‍ය නෑ.. මුස්ලිම් – දමිල ඡන්දයෙන් සජිත් දිනනවා“ – රිශාඩ් බදියුදීන්

colombotoday

2015 විශ්ව යෞවනයා කිරුළ ලංකාවේ දහම්ට

colombotoday