Colombo Today Local News

නොච්චියාගමින් පුපුරණ ද්‍රව්‍ය විශාල තොගයක් අල්ලයි

නොච්චියාගම නගරයේ ප්‍රසිද්ධ ව්‍යාපාරිකයකුගේ නිවසේ තිබී පුපුරණ ද්‍රව්‍ය තොගයක් අත්අඩංගුවට ගැනීමට නොච්චියාගම පොලීසිය සමත්ව ඇත.

අද (23) උදෑසන නොච්චියාගම පොලීසියට ලැබුණ තොරතුරක් මත  සිදු කල සෝදිසි මෙහෙයුමකදී පුපුරණ ද්‍රව්‍ය  විශාල තොගයක් සමඟ සැකකරුවන් අටදෙනෙකු  අත්අඩංගුවට ගැනීමට පොලීසිය සමත් විය.

නොච්චියාගම නගරයේ ඉන්ධන පිරවුම් හල ඉදිරිපිට පිහිටි දෙමහල් නිවසක් පොලීසිය විසින් පරික්ෂාවට ලක් කල අතර එම නිවස තුල  තිබි  පුපුරණ ද්‍රව්‍ය තොගය සොයා ගෙන ඇත.

පෙරවරු 9.30 ට පමණ පොලීසිය අදාළ නිවස පරික්ෂා කිරීමේදී එහි තිබු ජෙලග්ට්නයිට් කූරු  දාහක් (1000 ) ක්  ,  ඇමෝනියා කිලෝග්‍රෑම් පන්සියයක් (500 ) ,    පුපුරුවා  හැරීමට භාවිතා කරන වයර් විශාල ප්‍රමාණයක්  පොලීසිය විසින් සොයා ගෙන ඇත.

වැටලීම සිදු කරන අවස්ථාවේ  ඒම නිවසේ සිටි සැකකරුවන් හයදෙනෙකු ද  අත්අඩංගුවට ගෙන තිබේ.

පොලිසිය මෙම නිවස පරික්ෂා කරමින් සිටි අවස්ථාවේ දී එම නිවසට පැමිණි වැන් රථයක් හා එහි සිටි කාන්තාවක් සමඟ තවත් සැකකරුවකුද   අත්අඩංගුවට ගත්  බව පොලීසිය පැවසිය.

මේ  සම්බන්ධයෙන් මේ වනවිට සැකකරුවන් අට දෙනකු (08 ) අත්අඩංගුවට ගෙන ඇති අතර  මුස්ලිම් ජාතික සැකකරුවන් අතර කාන්තාවන් තිදෙනකුද වනබව පොලිසිය පැවසිය.

අත්අඩංගුවට ගත්  සැකකරුවන් අතර සිටින ප්‍රධාන සැකකරු පසුගිය  පළාත් පාලන මැතිවරණයේ දී එක්සත් ජාතික පක්ෂයෙන් තරග කල අපේක්ෂකයකු වන අතර ඔහු අනුරාධපුර දිස්ත්‍රික්කයේ ප්‍රභල අමාත්‍යවරයකුගේ සමීපතමයකුද බව වාර්තා වේ.

මෙම    පුපුරණ ද්‍රව්‍ය තොගය  තිබු නිවසේ හිමිකරු මිට පෙරද පුපුරණ ද්‍රව්‍ය ලග තබාගෙන සිටීමේ වරදට අධිකරණය මගින් දඩුවම් ලැබූ අයකු බවද පොලිස් පරීක්ෂණවලදී අනාවරණය  වී තිබේ.

නොච්චියාගම පොලිසිය හා විශේෂ කාර්ය බලකායේ බෝම්බ  නිෂ්ක්‍රීය අංශයේ නිලධාරීන් එක්ව  මෙම සෝදිසි මෙහෙයුම සිදු කර ඇත.

අනුරාධපුර – තිසර සමල් 

Related posts

නෙවිල් ප්‍රනාන්දු රෝහලේ ලෙඩෙකුට වැරදි බෙහෙත් දීලා.. නැවත කොළඹ ජාතික රෝහලට එවලා..

colombotoday

2000සේ දීමනාව හිමිනොවූ පුද්ගලයින්ට අභියාචනා ඉදිරිපත් කිරීමට අවස්ථාව

colombotoday

2020 ජනපතිවරණයේ ශ්‍රීලනිප ජනපති අපේක්ෂකයා මෛත්‍රී !

colombotoday

ලබන මහ කන්නයේ සිට පොහොර බෙදීමෙන් රජය ඉවත් වෙයි – පොහොර ගන්න ගොවීන්ට රජයෙන් මුදල්

Admin

අදත් කාර්යාල දුම්රිය 4ක් අවලංගුයි

Admin

ලක්ෂ ගණන් මුදල්වලට ප්‍රභූන්ට උස්බකිස්තාන් තරුණියන් විකිනූ කරුණා අම්මාන්.

colombotoday