Colombo Today Local NewsExclusive :extremism & terrorism activitiesfeatured

පාස්කු ප්‍රහාරයේ මහමොළකරු බව කියන මොහොමඩ් සහරාන් ගැන Colombotoday 2017 දී කළ හෙළිදරව්ව මෙන්න… බලධාරීන්ගේ ඇස යොමු වූවානම් ?

ඊයේ 21 ස්ථාන කිහිපයකට එල්ල වූ මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාරත් සමග, එවැනි ප්‍රහාර සැලසුමක් පිළිබදව බුද්ධි අංශ වෙත වාර්තා කළ ලිපියක් සමාජ ජාලාවල සංසරණය විය.

‘ජාතික තව්හිද් ජමාත්‘ නම් සංවිධානයේ නායකයා වන මොහොමඩ් සහරාන් නමැත්තා සහ ඔහුගේ අනුගාමිකයන් විසින් මෙරට කතෝලික පල්ලි සහ ඉන්දියානු තානාපති කාර්යාලය ඉලක්ක කරමින් ප්‍රහාරයකට සූදානම් වන බව එමගින් දන්වා තිබිණි.

මොහොමඩ් කාසිම් සහරාන්

මෙම ප්‍රහාරය පිළිබදව ආරක්ෂක අංශ කල්තියා දැනුම් දුන් බවට අග්‍රාමාත්‍යවරයා සහ රජයේ ඇමතිවරුන් කිහිප දෙනෙකුම මේ වන විට ප්‍රකාශ කර ඇත.

රජයේ ආරක්ෂක අංශ මේවන තෙක් ප්‍රහාරයේ වගකිවයුත්තන් කවුදැයි තහවුරු කර නොමැති අතර, ඉහත ලිපියට අනුව මෙම ප්‍රහාර මාළාවේ මහමොළකරු ලෙස සැලකිය හැකි මොහොමඩ් සහරාන් නමැත්තා පිළිබදව Colombotoday අප වෙබ් අඩවිය විසින් 2017 මාර්තු 4 වනදා පලකල පුවත් වාර්තාව පහත දක්වා ඇත.

මොහොමඩ් කාසිම් සහරාන් නමැති මොහු විසින් මෙහෙයවන ‘ජාතික තව්හිද් ජමාත්‘ කල්ලිය මෙරට ඉස්ලාමික රාජ්‍යයක් ඇති කිරීම සදහා කටයුතු කරන බවත්, ඔවුන් ISIS ත්‍රස්තවාදී සංවිධානයට සහය දක්වන බවත් එමගින් හෙළිදරව් කළ අතර, තොරතුරු මූලාශ්‍ර අනුව මෙම කල්ලිය සදහා රැකවරණය දෙන්නේ ප්‍රබල අමාත්‍යවරයෙකු බවද සදහන් කර ඇත.

මොහොමඩ සහරාන් සහ තව්හිද් ජමාත් කල්ලිය පිළිබදව කරන ලද අනතුරු ඇගවීම් සහිත පුවත් වාර්තා මේ සමග පලකර ඇති අතර, මේ පිිළිබදව අදාල බලධාරීන්ගේ නිසි ලෙස ක්‍රියාත්මක වූවානම් මෙවැනි ඛේදාවචක නොවන්නට ඉඩ තිබුණු බව අපගේ අදහසයි.

මොහොමඩ් සහරාන් හා ජාතික තව්හිද් ජමාත් කල්ලියේ ක්‍රියාකාරකම් ගැන පලකළ පුවත් වාර්තා..

සමාජ ජාලාවල ඊයේ 21 දා පලවී තිබූ බුද්ධි අංශ වාර්තාව

Related posts

ඓතිහාසික පාෂාණ පබ්බත විහාරභූමියේ අයිතිය TNA ඉල්ලයි.. අලුතෙන් ඉතිහාසයකුත් හදාගෙන !

colombotoday

මාධ්‍යවලට වල්බූරු නිදහස් දීමට සූදානම් නෑ.. ළගදීම පනතක් ගේනවා – මහින්ද සමරසිංහ

colombotoday

මුලතිව් ආරක්ෂක සේනා මූලස්ථාන කදවුර දෙකඩ කර, නන්දිකඩාල් යන්න පාරක් හදයි !

colombotoday

ආබාධිත හමුදා සෙබළුන්ගේ විශ්‍රාම වැටුප් සඳහා අයවැයෙන් මුදල් වෙන්කර නෑ

colombotoday

දේවස්ථානයක් තුළ වෙඩි තැබීමක් – 14ක් මරුට

colombotoday

කොළඹට එන සියලු දෙනාට මුඛ ආවරණ පළඳින්නැයි ඉල්ලයි

colombotoday