Colombo Today Local News

සමෘද්ධි බැංකු සියල්ලම වෙනත් බැංකුවට ආදේශ කරනවා – ඇමති දයා ගමගේ

සමෘද්ධි බැංකු සේවකයින් සේවාවන් කඩාකප්පල් කරන්නේ නම්, එම බැංකු සියල්ලම වෙනත් බැංකුවට ආදේශ කිරීමට සිදුවන බව අමාත්‍ය දයා ගමගේ මහතා පවසනවා.

සමෘද්ධි බැංකු සේවකයින් දියත් කර ඇති වැඩවර්ජනය සම්බන්ධයෙන් අදහස් දක්වමින් අමාත්‍යවරයා කියා සිටියේ, අයිතිවාසිකම් ලබා ගැනීම සඳහා නීති විරෝධී කටයුතුවල යෙදීම අනුමත නොකරන බවයි.

වැටුප් තල සකස් කෙරෙන්නේ සියලූ දෙනාට සාධාරණයක් වන පරිදි බවයි වැඩිදුරටත් අදහස් දක්වමින් දයා ගමගේ මහතා ප්‍රකාශ කළේ.

මේ අතර සමස්ත ලංකා සමෘද්ධි සංවර්ධන හා කෘෂිකර්ම පර්යේෂණ නිලධාරීන්ගේ සංගමයේ ප්‍රධාන ලේකම් ජගත් කුමාර මහතාගෙන් අද දියත් කර ඇති වැඩවර්ජනය සම්බන්ධයෙන් විමසීමක් කළා.

එහිදි අදහස් දක්වමින් ඒ මහතා කියා සිටියේ, මෙම එක් දින සංකේත වැඩ වර්ජනයට ආණ්ඩුව ප්‍රතිචාර නොදක්වන්නේ නම් රට පුරාම වැඩ වර්ජනයක් සහ උද්ඝෝෂණයක් සිදුකිරීමට බලාපොරොත්තු වන බවයි.

Related posts

වෙලේ සුදාට මරණ දඬුවම අරන් දුන් රංගජීවට ඒ වෙනුවෙන් රු 75000ක් දීලා.

colombotoday

රබර් කම්හලේ මාරක අනතුරක් – පස් දෙනෙකු මිය යයි

colombotoday

බුද්ධගයාවට බෝම්බ ගැසූ ත්‍රස්‌තයන්ට දඬුවම් අද

colombotoday

නිරෝධායන මධ්‍යස්ථානයට එරෙහිව වව්නියාවේත් විරෝධතා !

colombotoday

බඹර ප්‍රහාරයකින් පුද්ගලයෙක් ජීවිතක්ෂයට

Admin

ඇෆ්ගනිස්තානය සමග සටන අද

Admin