Colombo Today Local News

මැයි මස පළමු වනදාට පෙර මරණ දඩුවම කි‍්‍රයාත්මක කිරීමට ජනාධිපතිවරයා තීරණය කරයි

මැයි මස පළමු වනදාට පෙර මරණ දඩුවම කි‍්‍රයාත්මක කිරීමට ජනාධිපතිවරයා තීරණයක් ගෙන ඇතැයි “නෙත් රේඩියෝ” වාර්තා කර තිබෙනවා.

ඒ අනුව අධිකරණය මගින් මරණ දඩුවම නියම කර සිටින මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් 4 දෙනෙකුට පළමුව මරණ දණ්ඩනය කි‍්‍රයාත්මක කෙරෙනු ඇති බවටයි වැඩිදුරටත් තොරතුරු වාර්තා වුණේ.

සිංහල හා දෙමළ අලූත් අවුරුද්දෙන් පසු එළඹෙන සති කිහිපය තුළ එය කි‍්‍රයාත්මක කෙරෙනු ඇති බවටද වාර්තා පළ වනවා.

මේ අතර අලූගෝසු හෙවත් වදක තනතුරට දෙදෙනෙකු බදවා ගැනීම සදහා බන්ධනාගාර දෙපාර්තමේන්තුව ඉකුත්දා සම්මුඛ පරීක්‍ෂණ පැවැත්වූවා.

ඊට සහභාගි වූ තිස් දෙනා ඉදිරි දෙසතිය තුළ වෛද්‍ය පරීක්‍ෂණයකට යොමු කර ඒ අතරින් සුදුසු දෙදෙනෙකු අදාළ තනතුරට තෝරා ගැනීමට නියමිතව තිබෙනවා.

අදාළ තනතුරට තෝරා ගන්නා දෙදෙනා මානසික විශේෂඥ වෛද්‍යවරයෙකු වෙත යොමු කර ඔවුන්ගේ මානසික තත්ත්වයන් පිළිබද වාර්තාවක් ලබාගැනීමටද බන්ධනාගාර දෙපාර්තමේන්තුව සැලසුම් කර ඇතැයි බන්ධනාගාර ආරංචි මාර්ග අනාවරණ කළා.

Related posts

අභියාචනයක් ඉදිරිපත් කළත් පේ‍්‍රමලාල්ට පාර්ලිමේන්තු එන්න බැහැ

colombotoday

දුමින්ද සිල්වාට සමාව දීම අභියෝගයට ලක් කරමින් හිරුනිකා ශ්‍රේෂ්ඨාධිකරණයට

colombotoday

දකුණු ආසියාවේ විශාලතම රෝහල පොළොන්නරුවේදී ජනතා අයිතියට

colombotoday

ඉන්ධන සීමා අත්‍යවශ්‍ය සේවාවලට අදාල නැහැ..

colombotoday

නාමල් අදත් FCID අත්අඩංගුවට ගනී

colombotoday

රත්තරන් මිල සීඝ්‍රයෙන් පහළ බසී

Admin