Colombo Today Local News

සත්ව ආහාරවලට වරායේ ගොඩගැසූ සතොස හාල් තොගයක් අඩුවට විකුණයි… උත්සව සමයේ වෙළදපොලට ඒමේ අවදානමක්…

සත්ත්ව ආහාර සඳහා සුදුසු බවට නම් කර කොළඹ වරායේ ගොඩගසා තිබූ ආනයනික සහල් කන්ටේනර් තිස්හතක් (37 ක්) රේගු වෙන්දේසියකින් අඩු මිලට ලබාගත් අයකු උත්සව සමය ආරම්භ වීමත් සමග ඉන් සහල් කන්ටේනර් 17 ක් වරායෙන් පිටතට ගෙන ගොස් ඇතැයි වරාය ආරංචි මාර්ග සඳහන් කරයි.

එළැඹෙන උත්සව සමය ඉලක්ක කර මෙම සහල් තොගය වෙළෙඳ පොළට ඒමේ අවදානමක් පවතින බවද එම ආරංචි මාර්ග කියා සිටී.

ලංකා සතොස ලේබලය යටතේ මීට වසරකට පමණ පෙර ගෙන්වන ලද කිලෝග‍්‍රෑම් නවලක්‍ෂ පනස් පන්දහසක් පමණ වන මෙම සහල් තොගය දීර්ඝ කාලයක් වරායේ ගබඩා කර තැබීමෙන් පසු මෙසේ වෙන්දේසි කර ඇත.

අදාළ වෙන්දේසියේදී වරාය භාණ්ඩ ලබා ගන්නා ව්‍යාපාරිකයන් රැුසක් එම සහල් තොගයට රුපියල් 37 මිලක් නියම කර තිබියදී ‘ගන්නෝරුව බලපත‍්‍රය’ නමැති විශේෂ බලපත‍්‍රයක් මූලික කර ගනිමින් කිලෝවක් රුපියල් 16.25 ගණනට ඉදිරිපත් කළ පුද්ගලයාට ලබාදී ඇතැයිද ඉහත ආරංචි මාර්ග කියා සිටී.

මෙම ගන්නෝරුව බලපත‍්‍රය හිමි වරාය වෙන්දේසිවලට සහභාගි වන ව්‍යාපාරිකයන් සිටිනුයේ හත්අට දෙනකු පමණක් බවද වාර්තා වේ.

දිවයින

Related posts

රුපියල් කෝටි 11කට ආසන්න මුදල් වංචා කළ සැකකරුවන් 57ක් අත්අඩංගුවේ

colombotoday

මන්නාරමේදී නාවික හමුදාවට ප්‍රහාරයක්.. සෙබළුන් 3ක් රෝහලේ.. කදවුරෙන් අහසට වෙඩි !

colombotoday

අපේ කාලෙත් දැන් වගේම තමයි.. රූපවාහිනියේ ගියේ ආණ්ඩුවේ දේ විතරයි

colombotoday

මධුමාධව ඉවත් වුණේ අලි සබ්‍රි ගේ බලපෑමට !

colombotoday

ජාතික ගුවන් විදුලියෙන් ඉස්ලාමීය අන්තවාදී දේශනා ප්‍රචාරය කරයි – හිටපු මුස්ලිම් වරුන්ගෙන් චෝදනා

colombotoday

සෞඛ්‍ය අමාත්‍යංශ අනුමැතිය නැතිව වෛද්‍යවරුන්ට වීසා නොලැබෙයි

Admin