Colombo Today Local News

ජාතික ප්‍රශ්නයට විසඳුමක්‌ දිය හැක්‌කේ ජනාධිපති මෛත්‍රිට පමණයි – මැදගොඩ අභයතිස්‌ස හිමි

රට ඉදිරියේ පවතින බරපතළ අභියෝග ජයගැනීම සඳහා විශාල ශක්‌තියක්‌ සහ හැකියාවක්‌ ජනාධිපතිවරයා සතු බවත්, සියලු ජාතීන්ගේ එකඟතාවයෙන් ජාතික ප්‍රශ්නයට විසඳුමක්‌ දිය හැකි නායකයා ජනාධිපතිවරයා පමණක්‌ බවත් ශ්‍රී ලංකා පාලි හා බෞද්ධ විශ්වවිද්‍යාලයේ ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය මැදගොඩ අභයතිස්‌ස හිමියෝ පැවසූහ.

මැදගොඩ අභයතිස්‌ස හිමි මෙම අදහස්‌ පළ කළේ පැපිලියාන සුනේත්‍රා මහාදේවි පිරිවෙන් රජමහා විහාරස්‌ථානයේ කඨින පූජෝත්සවය ප්‍රමුඛ වාහල්කඩ සහ සම්මන්ත්‍රණ ශාලාව විවෘත කිරීම වෙනුවෙන් සංවිධානය කොට තිබූ පුෙණ්‍යාaත්සවය අමතමිනි.

මෙම පුෙණ්‍යාත්සවය ඊයේ (29 දා) පෙරවරුවේ ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැත්විණි.

මෙම පුෙණ්‍යාaත්සවයට එක්‌වෙමින් ජනාධිපතිවරයා සඳහන් කළේ, ගැටුම් නිරාකරණය පිළිබඳ ගැඹුරින්ම දේශනා කළ ශාස්‌තෘවරයා බුදුරජාණන් වහන්සේ බවත්, ගැටුම් නිරාකරණයට විවිධ ක්‍රමවේද තිබිය හැකි වුවද බෞද්ධ ප්‍රතිපත්තිය වනුයේ, කිසිම ජීවිතයක්‌ විනාශ නොකිරීම මෙන්ම කිසිම ජීවිතයක්‌ විනාශවන්නට ඉඩ නොතබමින් ගැටුම් නිරාකරණය කර ගැනීම බවත්ය.

ගැටුම් නිරාකරණය විද්‍යාවක්‌ මෙන්ම ශාස්‌ත්‍රීය විෂයයක්‌ ද වන බව පෙන්වා දුන් ජනාධිපතිවරයා එය නූතන උසස්‌ අධ්‍යාපනයේ අංගයක්‌ ද වන බැවින් අප අද මුහුණපා සිටින ගැටුම් නිරාකරණය ද මනා හැදැරීමකින් යුතුව, විද්‍යාත්මක හා ශාස්‌ත්‍රීය පදනමකින් යුතුව කළ යුතු බවද සඳහන් කළේය.

මෑතකදී ජනාධිපතිවරයා මුණගැසී දීර්ඝ වේලාවක්‌ තමන්ගේ අදහස්‌ පළකළ බව මෙහිදී සිහිපත් කළ අභයතිස්‌ස හිමියෝ, ඒ සා දීර්ඝ වේලාවක්‌ ඉතා සන්සුන්ව තමාට සහ තම පිරිසට ඇහුම්කන් දුන් ජනාධිපතිවරයා අවසානයේ ස්‌ථිරසාර ලෙස පළකළ අදහස, එතුමාට මේ රටත් රටේ වැසියනුත් ගැන ඇති හැඟීම ඉතා ගැඹුරින් පෙන්නුම් කළ බවද සඳහන් කළහ.

නිදහස ලැබුණු දා සිට මේ රටේ සුළු ජනවර්ග හා මහ ජනවර්ග අතර ගැටුම් අවුලවනුයේ දේශපාලනඥයන් විය හැකි වුවද එසේ ඇවිලවිය හැකි යම් මූල බීජයක්‌ පවතින බවත්, එම මූල බීජය ඉවත් කොට සියලු ජාතීන්ට සමගියෙන් ජීවත්විය හැකි පරිසරයක්‌ නිර්මාණය කිරීම තම අරමුණ බවත් ජනාධිපතිවරයා තමා සහ පිරිසට සඳහන් කළ බවද අභයතිස්‌ස හිමියෝ සිහිපත් කළහ.

– Diâina

Related posts

සිරිකොතේ වෙඩි තැබීමක්.. අලියාට හානියි

colombotoday

සෝභිත හිමියන්ගේ තැන ගන්න දඹර හිමි එයි

colombotoday

සහරාන්ගේ සොහොයුරා ජාතික රෝහලේදී පොලීසියෙන් බේරුණු හැටි

colombotoday

නව ව්‍යවස්ථාවට යෝජනාවක් : 55 පැන්නොත් ජනාධිපතිකමට ඉල්ලන්න බැහැ

colombotoday

කොස් කොළ, ක්‍රෝටන් කොළ කැවීමට පෙර සහල් සදහා පාලන මිල වහා ගැසට් කරනු !

colombotoday

තෙල් අයිතිය මහජන උපයෝගිතා කොමිසමට ඉල්ලයි

colombotoday