Colombo Today Local News

5 ශිෂ්‍යත්වය වෙනුවට 8 ශ්‍රේණියේදී විශේෂ විභාගයක්…

 5 ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගය වෙනුවට 8 ශ්‍රේණියේදී දක්ෂතා හඳුනා ගැනීමේ විභාගයක් පවත්වන බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පවසයි.

ජනධිපතිතුමා සඳහන් කළේ, තෝරාගත් විෂය ක්ෂේත්‍රයක් ඔස්සේ දරුන්ට ඉහළ අධ්‍යාපනය ලැබීමට නව වැඩපිළිවෙල තුළින් අවස්ථාව උදා වන බවයි.

ශිෂ්‍යත්ව විභාගය අහෝසි කරමින් නව අධ්‍යාපන ක්‍රමවේදයක් හඳුන්වාදීමට පියවර ගෙන ඇත්තේ, දරුවන්ට තම දක්ෂතා අනුව අනාගතය ගොඩනගා ගැනීමට අවස්ථාව සලසාදීමට බව ද ජනාධිපතිතුමා ප්‍රකාශ කළේ ය.

ජනාධිපතිතුමා මේ බව සඳහන් කළේ, කඩවත මහාමායා බාලිකා විද්‍යාලයේ නව ක්‍රීඩාගාරය සහිත දෙමහල් ගොඩනැගිල්ලට මුල් ගල තැබීමේ අවස්ථාවට එක්වෙමිනි.

Related posts

පත්තරේ පළ උනාද බලා හොරකමේ යන ‘කපුටා’ කළ හෙළිදරව්ව

colombotoday

යුධ ජයග්‍රහණයේ මතක සටහන් ආරක්ෂක අමාත්‍යාංශ වෙබ් අඩවියෙනුත් ඉවතට

colombotoday

ස්වශක්ති ණය යෝජනාව අනුමතයි

colombotoday

“ව්‍යවස්ථාවෙන් සුළු ජාතික උවමනා ඉටුකළොත්, යුද අපරාධ චෝදනා ඉවත්කරගන්නවා“ – බටහිර රටවල් දන්වයි

colombotoday

ජනපති විල්පත්තුව ගැන ගත් තීරණයම ගනී.. නකල්ස් රක්ෂිතය පිළිබදව කැබිනට් මණ්ඩලයට උපදේශයක්

colombotoday

බස්නැවතුමට කඩා වැදි වෑන්රථයක් කතුන් තිදෙනෙකුට මරු කැදවයි

Admin