Colombo Today Local News

අග්‍රාමාත්‍ය නියෝජ්‍ය කාර්ය මණ්ඩල ප්‍රධානී ලෙස ප්‍රදීප් අමිර්තනායගම් පත්කරයි

ප්‍රදීප් අමිර්තනායගම් , අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහගේ නියෝජ්‍ය කාර්ය මණ්ඩල ප්‍රධානී ලෙස පත් කර ඇත.

අමිර්තනායගම් එක්සත් රාජධානියේ වරලත් අලෙවිකරණ ආයතනයේ අධිශිෂ්‍යත්වලාභියෙකි. ජනමාධ්‍ය, ප්‍රචාරණ හා පරිපාලන ක්ෂේත්‍රයේ වසර 30 කට අධික අත්දැකීම් ඇති ඒ මහතා ජාතික රූපවාහිනිය, ස්වාධීන රූපවාහිනිය, ජාතික ගුවන් විදුලිය යන ආයතනයන් හි ප්‍රවෘත්ති නිවේදකයෙකු හා විස්තර විචාරකයෙකු ලෙස ද කටයුතු කර ඇත.

1990 වසරේ ආරම්භ කෙරුණු හෝම්ස් පොලාඩ් වෙළඳ ප්‍රචාරණ ආයතනයේ නිර්මාතෘවරයා ද වන අමිර්තනායගම් මහතා 2015 වසරේ සිට පීපල්ස් ලීසිං හා ෆිනෑන්ස් සමාගමේ නියෝජ්‍ය සභාපති ලෙස ද කටයුතු කරයි.

අනුර බණ්ඩාරනායක පදනමේ අධ්‍යක්‍ෂවරයෙක් ලෙස ද ක්‍රියා කරන අමිර්තනායගම් මහතා බටහිර කොළඹ රොටරි සමාජයේ 50 වන සභාපතිවරයා ද වෙයි

Related posts

කොවිඩ් එන්නත් මාත්‍රා දෙකක් එකවර දීලා – මවක් හදිසි ප්‍රතිකාර ඒකකයට

colombotoday

උත්සව සමයේ ආහාර පරීක්ශාවට වැටලීම්

Admin

ඊළඟ මාස කිහිපයේ මීටත් වඩා දරුණු තත්ත්වයකට මුහුණ දීමට සිදු වෙයි

colombotoday

ලීසිං පිළිබඳව මහජන අදහස් ලබා දෙන්න

colombotoday

රටවල් හයකට ගාස්තු අය කිරීමකින් තොරව වීසා ලබාදීම ගැන නිවේදනයක්

Admin

එල්පී ගෑස් රැගත් නෞකාවක් කොළඹ එයි

colombotoday