Colombo Today Local News

රාජ්‍ය සේවකයන් FB ගියොත් ස්මාට් ෆෝන් භාවිත කලොත් වැඩ තහනම් – මධ්‍යම ආණ්ඩුකාරවරයාගෙන් තද තීරණයක්

රාජ්‍ය සේවකයින්ගේ කටයුතු සම්බන්ධයෙන් මධ්‍යම පළාත් ආණ්ඩුකාර මෛතී‍්‍ර ගුණරත්න ආන්දෝලනාත්මක ප‍්‍රකාශයක් සිදුකළා. ඒ, රාජ්‍ය සේවකයින්ගේ කි‍්‍රයාකාරිත්වය හේතුවෙන් රාජ්‍ය සේවයේ කටයුතු අකර්මන්‍ය වන ආකාරය පැහැදිලි කරමින්.

එහිදී ඔහු පෙන්වා දුන්නේ “ඔන්න ෆොන් එකේ ටුක් ටුක් ගාලා වදිනවා මැසේජ්.. ගන්නවා ෆෝන් එක.. ඊට පස්සේ යනවා ෆේස් බුක්. දැන් කල්පනා කරලා බලන්න රාජ්‍ය සේවකයෙක් පැය කීයක් හරියට වැඩ කරනවාද කියලා. වැඩ කරන මිනිහා පණ යනකම් වැඩ… නොකරන මිනිහා අයිස්.. කවුරුහරි නිලධාරියෙක් වැඩ කරන කාලසීමාව තුළ ෆේස් බුක් වගේ ඒවා පාවිච්චි කරලා මට පැමිණිල්ලක් ආවොත් එහෙම… සේවය අත්හිටුවලා තමයි විනය පරීක්ෂණය කරන්නේ. ජනතාවගේ සේවය උපරීම අන්දමින් ලැබෙන්න ඕනේ.” යනුවෙනි.
නිසි ලෙස රාජකාරී නොකරන රාජ්‍ය සේවකයින්ට ආණ්ඩුකාරවරයා අනතුරු ඇගවීමක්ද සිදුකළා.
මධ්‍යම පළාතේ ප‍්‍රසිද්ධ ස්ථානවල පෝස්ටර් ප‍්‍රදර්ශනය කරන පුද්ගලයින්ට එරෙහිව නීතිය කි‍්‍රයාත්මක කිරීමටද මධ්‍යම පළාත් ආණ්ඩුකාර මෛතී‍්‍ර ගුණරත්න මීට පෙර පියවර ගත්තා.


Related posts

සේවක හිඟයෙන් අදත් දුම්රිය ගමන් වාර 10ක් අවලංගු‍යි

Admin

අද ඩොලරයේ මිල මෙන්න

colombotoday

සම්බාහන මුවාවෙන් බස්නාහිර ගණිකා නිවාස 356ක්

colombotoday

ලෝකෙට ගිය යොහානිට ලංකාවෙන් සම්මානයක්

colombotoday

කාන්තාවකට බලහත්කාරකමක්…! බෝගොල්ලාගමගේ බිරිද සහ දියණිය දුටුතැන අල්ලන්න නියෝග

colombotoday

බටහිර පර්යන්තය සංවර්ධනයට ආයෝජකයෙකු නම් කරන්නැයි ඉන්දියාවට හා ජාපනයට දැනුම් දීමට කමිටු තීරණයක්

colombotoday