රුපියල් මිලියන 1080 පමණ වටිනාකමකින් යුත් හොරොයින් කිලෝග්‍රෑම් 90ක් සමඟ අත්අඩංගුවට ගත් පුද්ගලයින් පස් දෙනා ලබන 29 වැනිදා තෙක් රඳවා ප්‍රශ්න කිරීමට පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශයට කොළඹ කොටුව මහෙස්ත්‍රාත් ප්‍රියන්ත ලියනගේ මහතා අද (23) අවසර ලබා දී තිබේ.
ඊයේ (22) පොලිස් විශේෂ කාර්ය බලකාය සහ මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශය විසින් කොල්ලුපිටියේ පිහිටි සුපිරි නිවාස සංකීර්ණයකදි මෙම පිරිස අත්අඩංගුවට ගන්නා ලදි