Colombo Today Local News

ඌව මහ ඇමති චාමර කෑෆේ කීර්තිට ආණ්ඩුකාර පුටුව නොදී පන්නා දමයි… ඌවෙන් දකුණට මාරුවක්..

ඌව ආණ්ඩුකාරවරයා ලෙස පසුගියදා පත් කළ නිදහස් හා සාධාරණ මැතිවරණයක් සඳහා වූ කැෆේ සංවිධානයේ විධායක අධ්‍යක්ෂ කීර්ති තෙන්නකෝන් මහතාට එම ධූරයේ වැඩ බාර ගැනීමට නොහැකි වී ඇතැයි වාර්තා වේ.

ඒ ඔහුගේ පත්වීමට ඌව මහ ඇමති චාමර සම්පත් දිසානායක මහතා විසින් දැඩි විරෝධයක් දැක්වීම නිසාය. කීර්ති ඌවේ ආණ්ඩුකාරයා කළොත් තමාට දේශපාලන තීන්දුවක් ගැනීමට සිදුවන බව චාමර ජනාධිපතිවරයාට දන්වා ඇති බවද පැවසේ.

මේ තත්ත්වය හේතුවෙන් කීර්තිව ඌවෙන් දකුණට මාරු කිරීමට ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා තිරණය කර ඇති බව පැවසේ.

ඒ අනුව දකුණු පළාත් ආණ්ඩුකාරවරයාව සිටි ජනාධිපති නීතිඥ මාර්ෂල් පෙරේරා මහතා ඌව ආණ්ඩුකාරවරයා ලෙස පත් කිරීමට නියමිත බවද මේ අතර වාර්තා වේ.

කලින් සිටි පළාත් ආණ්ඩුකාරවරුන් සියලු දෙනා මෙන්ම මාර්ෂල් පෙරේරා මහතාද ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ දැනුම් දීම මත ඉල්ලා අස්වීමේ ලිපි බාරදී තිබූ නමුත් මාර්ෂල් පෙරේරා මහතාගේ ඉල්ලා අස්වීම ජනාධිපතිවරයා විසින් බාර නොගත් බවට ද වාර්තා පැතිර තිබිණි.

මාර්ෂල් පෙරේරා මහතා දකුණු පළාත් ආණ්ඩුකාරවරයා ලෙස පත්වීමට පෙර සබරගමුව පළාත් ආණ්ඩුකාරවරයා ලෙස ද කටයුතු කළේය.

මාර්ෂල් පෙරේරා මහතා සන්ධාන පාර්ලිමේන්තු මන්ත්‍රී ඩිලාන් පෙරේරා මහතාගේ පියාය.

Related posts

ඇස්ට්‍රාසෙනෙකා ගත් කොළඹ වැඩිහිටියන්ට Pfizer එන්නත

colombotoday

රේගුවෙන් ඇල්ලු ‘සහල්වලට’ කරන්න යන දේ මෙන්න

colombotoday

පොලිස් අණ නොතැකූ යතුරු පැදියකට ලුහුබැඳ ගිය පොලිසියෙන් වෙඩි ‍

Admin

ශ්‍රී ලංකා නීතිඥ සංගම් නිලවරණය ඇරඹේ.

colombotoday

චක්‍රලේඛ වලට පටහැනිව පාසල් තුළ මුදල් එකතුකළොත් වැඩ වරදී…

colombotoday

මන්නාරම් බොක්කේ අඩු පීඩන කලාපය තවදුරටත් දුර්වල වෙයි

colombotoday