ශ්‍රී ලංකා නිදහස් පක්ෂ‘යේ මහලේකම්වරයා ලෙස දයාසිරි ජයසේකර මහතා පත් කිරීමට ඊයේ (03දා) රැස්වූ පක්ෂයේ මධ්‍යම කාරක සභාව තීරණය කර තිබේ.
මේ අනුව මහලේකම් ධුරයෙන් තමන් ඉල්ලා අස්වූ බව මහාචාර්ය රෝහණ ලක්ෂ්මන් පියදාස මහතා සඳහන් කළේය. මින් ඉදිරියට ශ්‍රී ලංකා නිදහස් පක්ෂ‘යේ මහලේකම්වරයා ලෙස දයාසිරි ජයසේකර මහතා කටයුතු කරන බවද ඔහු පවසා සිටියේය. මීට අමතරව පක්ෂ ප්රතිසංවිධාන කටයුතු කඩිනම් කිරීමට තීරණයක් ගත් බවද හෙතෙම සඳහන් කළේය.
විසිර සිටින පක්ෂ සාමාජිකයන් සියලුම දෙනා එකට එකතු කර පක්ෂය ශක්තිමත් කරන බව නව මහලේකම් දයාසිරි ජයසේකර මහතා සඳහන් කළේය.