Uncategorized

මන්ත්‍රී බන්දුලට මහේලගෙන් අවවාදයක්

මෙවර උසස් පෙළ විභාගයේ කලා අංශයේ ප්‍රතිඵල අනුව දිවයිනේ ප්‍රථමස්ථානය ජාත්‍යන්තර පාසලක සිසුවියක් දිනාගැනීම සම්බන්ධයෙන් පාර්ලිමේන්තු මන්ත්‍රී බන්දුල ගුණවර්ධන මහතා සිදුකළ ප්‍රකාශය හෙළා දකින බව අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් මහතා පවසනවා.

මාධ්‍ය වෙත නිකුත් කළ නිවේදනයක් මගිනුයි අමාත්‍යවරයා මේ බව ප්‍රකාශ කර ඇත්තේ.

මන්ත්‍රීවරයා සිදුකළ ප්‍රකාශය මගින් ජාත්‍යන්තර පාසල්වල දරුවන්ට ජාත්‍යන්තර විභාග සඳහා පමණක් පෙනී සිටීමට සිදුවන බවයි අමාත්‍යවරයා පෙන්වා දෙන්නේ.

කෙසේවෙතත් බන්දුල ගුණවර්ධන මහතා අධ්‍යාපන අමාත්‍ය ධූරයෙහි කටයුතු කරන සමයේ ජාත්‍යන්තර පාසල්වල සිසුන්ට ජාතික මට්ටමේ විභාගවලට පෙනී සිටීමට ඉඩ ලබා නොදුන් බවද එහි දක්වා තිබෙනවා.

අධ්‍යාපන අමාත්‍ය ධූරය දැරූ සහ පෞද්ගලික උපකාරක පන්ති ගුරවරයෙකු ලෙස කටයුතු කළ බන්දුල ගුණවර්ධන මහතා සිදුකළ එම ප්‍රකාශය මගින් ජනතාව නොමග යැවීමට උත්සාහ කර ඇති බවයි අමාත්‍යවරයා නිකුත් කළ නිවේදනය මගින් පෙන්වා දෙන්නේ.

මේ අතර ශ්‍රී ලංකා කණ්ඩායමේ හිටපු සුපිරි පිතිකරුවකු වන මහේල ජයවර්ධන  විසින්ද බන්දුල ගුණවර්ධන මන්ත්‍රීවරයා සිදුකර ඇති ප්‍රකාශයට ප්‍රතිචාර දක්වා තිබෙනවා.

ට්විටර් පණිවුඩයක් නිකුත් කරමින් ඔහු පෙන්වා දෙන්නේ පුද්ගලික සහ රජයේ පාසල්වලින් ලබාදෙන අධ්‍යාපනය වෙන් කර දැක්විය නොහැකි බවයි.

එමෙන්ම අනාගත දරුවන්ගේ ඉදිරි කටයුතු සඳහා ශක්තිය හා ධෛර්යය නිරතුරුව ලබාදිය යුතුව ඇති බව පවසන මහේල ජයවර්ධන, උසස් පෙළ විභාගයෙන් ජයග්‍රහණය කළ සියලු සිසු සිසුවියන් වෙත සුභ පැතුම් එක් කිරීමටද අමතක කර නැහැ.

පෞද්ගලික විද්‍යාලයකින් අධ්‍යාපනය හදාරා දිවයිනේ පස් වන ස්ථානය හිමි කරගත් සිසුවිය වෙත මහේල ට්විටර් පණිවුඩය මගින් විශේෂ සුභ පැතුම් එක් කර තිබීමද විශේෂත්වයක්.

Related posts

මහජන සාමය ආරක්ෂාවට ජනපති සන්නද්ධ හමුදා කැඳවයි

colombotoday

අයවැයට කැබිනට් අනුමැතිය

colombotoday

පාර්ලිමේන්තුව විසරවිමෙන් කැළඹෙයි. එජාප නායකයන් අතර විශේෂ සාකච්චාවක්

colombotoday

අමෙරිකානු නියෝජ්‍ය රාජ්‍ය ලේකම් ජනපති හමුවේ

Admin

DAT දීමනාව සම්බන්ධයෙන් සාකච්චාවක්

Admin

සුදුලූනු වංචාව හෙළි කළ තුෂාන් සීඅයිඩීයට කැඳවයි

colombotoday