Colombo Today Local News

එදා කොටින්ට බයේ හැංගිලා සිටි අය අද හමුදාවට ගරහනවා – යුද හමුදාපති

උතුරේ යුද්ධය පැවති සමයේ කොටින්ට බියේ සැඟවී සිටි ඇතැමුන් ආරක්ෂක හමුදාව සහ උතුරේ ජනතාව අතර තිබෙන හොඳ හිත පලුදු කිරීමට ක්‍රියා කරන බව යුද හමුදාපති ලුතිනන් ජෙනරල් මහේෂ් සේනානායක මහතා ‘දිවයින’ට ඊයේ (01 දා) පැවසීය.

ගංවතුර පමණක්‌ නොව ඕනෑම ආපදාවකදී උතුරේ ජනතාවට උදව් කිරීම සඳහා හමුදාව ක්‍රියාශීලී වීම නිසා ඔවුන් කුහක ෙච්තනාවෙන් හමුදාවේ කීර්ති නාමය පළුදු කිරීමට ගෙන යන ප්‍රචාරය උතුරේ ජනතාව පිළිනොගන්නා බව ද හෙතෙම කීය.

හමුදාව විවේචනය කරන මේ පුද්ගලයන් උතුරේ ජනතාව වෙනුවෙන් කිසිවක්‌ කර නැතැයි ද කී හමුදාපතිවරයා හමුදාවට දොස්‌ නඟන මේ පිරිස එදා උතුරේ ජීවත් වූයේ හමුදාවේ ආරක්‌ෂාවෙන් බව ද සඳහන් කළේය.

අද ඔවුන් උතුරේ කාඩ්බෝඩ් වීරයන් වී ඇතැයි ද හෙතෙම පැවසීය.

Related posts

යාපනයේ බෝම්බ පිපිරීමක්

Admin

ඉන්ධන මිල අඩු කලා වගේ ආහාර මිලත් අඩු කරනවා

Admin

නව ලංකා නිදහස් පක්ෂයේ ප්‍රධාන කාර්යාලය විවෘත වෙයි

colombotoday

13 හැවිරිදි අක්කාව මල්ලී කෙලෙසලා

colombotoday

FCID නිලධාරීන්ට නාමල්ගෙන් අනතුරු ඇගවීමක් !

colombotoday

ලක්ෂ 1500ක් ලැබුණු තහනම් කෙරූ බැංකු ගිණුම ඇමති මලික් සමරවික්‍රමගේ

colombotoday