Colombo Today Local News

මධ්‍යම සංස්කෘතික අරමුදලේ මුදල්වලින් මැතිවරණ අල්ලස් දීමේ සූදානමක් – සජිත්ට චෝදනා

මධ්‍යම සංස්කෘතික අරමුදල සතු මුදල් මැතිවරණ අල්ලසක් ලෙස පන්සල් වෙත බෙදා දීමේ කූඨ සැලසුමක් ක්‍රියාත්මක කිරීමට සංස්කෘතික අමාත්‍යාංශයේද ඇමතිවරයා ලෙස කටයුතු කරන සජිත් ප්‍රේමදාස මහතා විසින් එම අමාත්‍යාංශ නිලධාරීන්ට බලපෑම් කරමින් සිටින බව වාර්තා වේ.

පසුගිය සදුදා (24) සංස්කෘතික අමාත්‍යාංශයට අයත් මධ්‍යම සංස්කෘතික අරමුදලේ නිලධාරින් හමුවීමට අමාත්‍ය සජිත් ප්‍රෙමදාස මහතා පැමිණ ඇත. අමාත්‍ය සජිත් ප්‍රෙමදාස මහතා එම අවස්ථාවේ ආයතනයේ මුදල් අධ්‍යක්ෂකගෙන් විමසා ඇත්තේ අරමුදලට කොපමණ ආදායමක් ලැබෙනවාද හා එම මුදලින් කොපමණ මුදලක් මේ වනවිට වැය වනවාද යන්න සහ දැනට මධ්‍යම සංස්කෘතික අරමුදල නමින් ස්ථාවර තැන්පතු කොපමණ ප්‍රමාණයක් තිබෙනවාද යන කරුණු ය.

මුදල් තත්වය හදුනාගත් අමාත්‍ය වරයා ඔහුගේ වැඩ පිළිවෙල පිලිබද පැහැදිලි කරමින් පවසා ඇත්තේ ඉදිරි වසර සදහා ඇස්තමේන්තු පිළියෙල කිරීමෙදී තවත් මාස දහයකින් පමණ මහ මැතිවරණයක් පැවැත්වෙන බවත් ය. ඒ ඉලක්ක කරගත් වැඩසටහනක් ලෙස තමා හදුන්වාදුන් සසුනට අරුණ වැඩසටහන සඳහා මුදල් වෙන්කරන ලෙසත් දන්වා ඇත.

මේ සම්බන්ධව නිලධාරින් ගේ නොසතුට පලවී තිබේ. මධ්‍යම සංස්කෘතික අරමුදල ස්ථාපිත කර ඇත්තේ සංස්කෘතික උරුමයන් ආරක්ෂා කිරීමට බවත් එහි කාර්යභාරය පුරාවිද්‍යා ස්ථාන සංරක්ෂණය බවත් පවසන නිලධාරින් දේශපාලන ඉලක්ක වෙනුවෙන් මෙවැනි කටයුතු තුළින් ආයතනය විනාශ වන බවත් පෙන්වා දෙති.

අමාත්‍යංශ වෙන්කිරීමේදී මීට පෙර වැදගත් අමාත්‍යාංශයක් නොවු සංස්කෘතික  අමාත්‍යාංශය විශාල ආදායමක් ලබන මධ්‍යම සංස්කෘතික  අරමුදල හෙතුවෙන් මේ වනවිට දේශපාලනඥයින් ඉල්ලා සිටින තැනක් බවට පත්ව ඇත. පසුගිය කාලයන් තුළ ටී.බී. එකනායක හා අකිල විරාජ් කාරියවසම් යන හිටපු ඇමතිවරුද මෙම ආයතනයේ මුදල් ඉලක්කකර විවිධ ව්‍යාපෘති හරහා දේශපාලන අවශ්‍යතා ස්මතු කරමින් කටයුතු කර ඇත. එම තොරතුරු සැලවීමත් සමඟ සජිත් ප්‍රෙමදාස මහතාද මෙය තම පටු දේශපාලන අරමුණු වෙනුවෙන් යොදා ගැනීම ආරම්භ කර ඇත.

පසුගිය කැබිනට් අමාත්‍යංශ පත්කිරීමේදී සජිත් ප්‍රෙමදාස මහතා තම අමාත්‍යංශය සඳහා සංස්කෘතික අමාත්‍යාංශයද ඇතුලත් කරන ලෙස ඉල්ලා ඇත්තේ ඔහුගේ මැතිවරණ  ව්‍යාපාරය වෙනුවෙන් බව මේ අනුව පැහැදිලි කරුණක් බව එහි ඉහළ නිලධාරීහු පවසා සිටිති.

පැරණි රජ දවස ඉතිහාසය ස්මතු කරමින් කැණීම් සිදු කරන මෙන්ම කැනීමස් සිදු කිරීමට තවමත් ඉතිරිව පවතින පුරාවිද්‍යා බිම් අයිතිව පවතින්නේද සංස්කෘතික අමාත්‍යාංශය සතුවය.

Related posts

චන්ද්‍රිකාගේ සංහිඳියාව හා සහජීවනය පිළිබඳ ජාතික ප්‍රතිපත්තිය එළිදැක්වේ..

colombotoday

ඇඳිරි නීති කාලය තුල පොලිස් මාර්ග බාධක 900ක්

colombotoday

සබීතාගේ බිල්ඩිමට තවත් කෝටි හයක් ඉල්ලයි.. පරිපූරකය පාර්ලිමේන්තුවට

colombotoday

ඇතා පහර දෙයි.. බරපතල තුවාල ලබා බෙල්ලන්විල නාහිමියෝ රෝහල්ගත කරති

colombotoday

ඉන්ධන මිල ඉහළ දමන යෝජනාව යළිත් බලශක්ති ඇමැති අතට

colombotoday

කොරෝනා මරණ භූමිදානය ඉතා අවදානම් | සම්මානිත මහාචාර්ය ජිනදාස කටුපොත පෙන්වා දෙයි

colombotoday