Colombo Today Local News

ගජ උතුරේ සියලුම පාසල් වස්සවයි

ගජ සුලි කුනාටුව හේතුවෙන් උතුරු පළාතේ පිහිටි සියලුම පාසල් වෙතට අද දිනයේදී නිවාඩු ලබා දීමට පියවර ගත් බවට උතුරු පළාත් ආණ්ඩුකාර ලේකම් කාර්යාලය නිවේදනය කොට ඇත.

මේ අතර ගජ සුලි කුනාටුව යාපනය දිස්ත්‍රීක්කය හරහා ගමන් කරමින් ඊයේ රාත්‍රිය පුරා දැඩි සුලගක් සමගින් අද උදෑසන වන තුරු වර්ෂාව ඇදහැලුනු බවටත් ඇතැම් තාවකාලික ඉදිකිරීම් වලට සුලගින් හානි සිදුව ඇති බවටත් යාපනයේ වැසියන් පැවසිය.

ගජ සුලි කුනාටුව හේතුවෙන් අද උදෑසන යාපනය දිස්ත්‍රීක්කයේ පාසල් කිහිපයක සිසු දරුවන්ට පාසල් වෙතට ගමන් කිරීමට නොහැකි තත්වයක් උද්ගත වීම හේතුවෙන් උතුරු පළාත් අධ්‍යාපන බලධාරීන් විසින් උතුරු පළාත් ආණ්ඩුකාර කාර්යාලයට දැනුම් දුන් අතර එහිදී පවතින අයහපත් කාලගුණික තත්වය හේතුවෙන් ආණ්ඩුකාර රෙජිනොල්ඩ් කුරේ මහතාගේ උපදෙස් පරිදි උතුරේ සියලුම පාසල් වෙතට නිවාඩු ලබා දීමට තීරණය කල බවට උතුරු පළාත් ආණ්ඩුකාර ලේකම් එම්.ඉලංකෝවන් මහතා කියා සිටියේය.

මේ දිනවල සෑම පාසලකම වර්ෂාවසාන විභාගය පැවත්වෙමින් තිබෙන අතර වර්ෂාව හා සුළං හේතුවෙන් සිසු දරුවන්ගේ අධ්‍යාපන කටයුතු වලටද බාධා සිදුවන බවට උතුරේ අධ්‍යාපන බලධාරීන් කියා සිටියහ.

Related posts

මුලතිව් බෝධිය යට ඇති බුදු පිළිමයට දෙමළ සන්ධාන මන්ත්‍රීගේ විරෝධය…

colombotoday

ඉන්ධන ගන්නා ආ තවත් දෙදෙනෙක් මිය යයි… එක් අයෙක් දින දෙකක් පෝළිමේ ඉදලා

colombotoday

හෙට සිට සඳුදා තෙක් දිවයිනටම ඇඳිරි නීතිය

colombotoday

ශ්‍රී ලංකාවේ යුක්තිය පසිඳලීමට අලුත් නීති ගේන්නේ අන්තර්ජාතික ප්‍රමිතියට අනුකූලවයි

Admin

කැබිනට් ඇමතිවරුන්ගේ අගෝස්තු වැටුප කොවිඩ් අරමුදලට

colombotoday

මිලේනියම් සිටි නඩුව : හිටපු සහකාර පොලිස් අධිකාරීවරයා නිදොස් කොට නිදහස් කරන්නැයි, කළ ඉල්ලීම අධිකරණය ඉවත දමයි

Admin