පාර්ලිමේන්තුව විසුරුවාලමින් ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා නිකුත්කළ ගැසට් නිවේදනයට එරෙහිව ශ්‍රේෂ්ඨාධිකරණ විසින් ඊයේ(14) නිකුත්කළ අතුරු තහනම් නියෝගයේ තීන්දුව ලැබෙන තුරු පාර්ලිමේන්තුව අත්හිටුවීමට ජනපතිගේ අවධානය යොමුවී ඇති බව ජනාධිපති ලේකම් කාර්යාල ආරංචි මාර්ග පවසනවා.
ඒ පිළිබඳව මේ වනවිට සාකච්චා කෙරෙමින් පවතින බවත් බොහෝ දුරට දෙසැම්බර් 12 දක්වා පාර්ලිමේන්තු සැසිවාරය කල්තැබීමේ ගැසට් පත්‍රයක් අද(14) රතිරියේදී නිකුත් කෙරෙනු ඇති බවත් එම වාර්තා සඳහන් කර සිටියි.