Colombo Today Local News

CIDය තුළදී තමා මරා දැමීමේ සැලසුමක් ඇතැයි ජනපති ඝාතන කුමන්ත්‍රණයට අත්අඩංගුවට ගත් ඉන්දීය ජාතිකයා කියයි…

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව තුළ දී තමා ඝාතනය කිරීමට සැලසුම් කර ඇතැයි මේ වනවිට රඳවා ගැනීමේ නියෝග මත අපරාධ දෙපාර්තමේන්තුවේදී ප්‍රශ්න කිරීම් සිදු කරන ඉන්දියානු ජාතික මර්සලීන් ගෝමස් නැමැත්තා අද (23) කොළඹ කොටුව මහෙස්ත්‍රාත් ලංකා ජයරත්න මෙනවිය හමුවේ විවෘත අධිකරණයේදී ප්‍රකාශ කර තිබේ.

විත්තිකරු විත්ති කූඩුවේ හිඳ කළ මේ ප්‍රකාශය සම්බන්ධයෙන් ලිඛිතව අධිකරණයට කරුණු දන්වන ලෙස මහෙස්ත්‍රාත්වරිය ඔහුට දැනුම් දී ඇති අතර ඊට අවශ්‍ය කඩදාසි සහ පෑන් බන්ධනාගාරය මාර්ගයෙන් ඔහුට ලබා දෙන ලෙසද නියෝග කර ඇත.

ජනාධිපතිවරයා, හිටපු ජනාධිපතිවරයා හා හිටපු ආරක්‍ෂක ලේකම්වරයා ඝාතනය කිරීමේ කුමන්ත‍්‍රණයට සම්බන්ධ බවට මොහු අත්අඩංගුවට ගෙන රැඳවුම් නියෝග මත ප්‍රශ්න කරමින් සිටින අතර එම නඩුව අද කැඳවූ අවස්ථාවේදී ඔහු මෙලෙස ප්‍රකාශ කර තිබේ.

ලංකාදීප

Related posts

කවුරු දින්නත් මාස කීපයකින් ඔහුට තනතුර අහිමි වෙනවා

Admin

ජනපතිගෙන් ඉල්ලීමක්

Admin

රූකාන්තට ගුටිබැට ප්‍රහාරයක්…

colombotoday

කතෝලිකයන් මත්ද්‍රව්‍ය ජාවාරමට සම්බන්ධනම් ඔවුන් කතෝලික සභාවෙන් ඉවත් කළ යුතුයි – මැල්කම් රංජිත් කාදිනල් තුමන් පවසයි

colombotoday

රාජ්‍ය ඇමතිවරු 36ක් අද දිවුරුම් දෙයි

colombotoday

හයිබ්‍රිඩ් අධිකරණය ගැන අධ්‍යයනයට ආණ්ඩුවේ පිරිසක් ස්කොට්ලන්තයට, අනුග්‍රහය ප්‍රකට NGOවකින්

colombotoday