Colombo Today Local News

ජනපතිගේ නියෝගය තුට්ටුවකට ගණන් නොගනී… එජාපය පත්කළ BOC, BOI,BP සභාපතිලා, අධ්‍යක්ෂක මණ්ඩලය ඉවත් නොවෙයි…

ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා විසින් පෙරේදා දිනයේ නියෝග කර තිබුණද ලංකා බැංකුව මහජන බැංකුව හා ආයෝජන මණ්ඩලයේ සභාපතිවරුන් සහ අධ්‍යක්ෂ මණ්ඩලය කිසිවකු ඉල්ලා අස් වී නැති බව අද ලංකාදීප පුවත්පත වාර්තා කරයි.

ඔවුන් සියලු දෙනා තම ධූරයෙන් ඉල්ලා අස් නොවීමට තීරණය කර ඇති බවද එම වාර්තාවේ දැක්වේ.

එම ආයතන අයත් ඇමතිවරුන් වන ලක්ෂ්මන් කිරිඇල්ල හෝ මලික් සමරවික්‍රම සභාපතිවරුන්ට හෝ අධ්‍යක්ෂ මණ්ඩලයට ඉල්ලා අස්වන්නැයි දැනුම් දී ඇති බව ද සඳහන්ය.

මුදල් පනත අනුව මහජන බැංකුවට හා ලංකා බැංකුවට ධ්‍යක්ෂ මණ්ඩලය පත්කිරීමේ හා ඉවත් කිරීමේ බලය පැවරී ඇත්තේ මහා භාණ්ඩාගාර ලේකම්වරයාටයි.

මේ අතර ජනාධිපති කාර්යාලයේ ප්‍රකාශකයෙකු සඳහන් කගේ ජනාධිපතිවරයා විසින් එම ආයතනවල අධ්‍යක්‍ෂ මණ්ඩල ඉවත් කිරීමක් සිදු නොකළ බවත් ඔවුන් ඉවත් කරන්නැයි විෂයභාර ඇමතිවරුන් වන මලික් සමරවික්‍රමට හා ලක්ෂ්මන් කිරිඇල්ලට දැන්වීමක් පමණක් කරන ලද බවත්ය.

Related posts

පෙට්‍රල් ආනයනයට ණයවර ලිපියක් නිකුත් කරයි

colombotoday

හිමිනමකට තාවකාලික රියදුරු බලපත්‍රයක් නිකුත් කිරීමට මුතූර් මහේස්ත‍්‍රාත් මොහොමඩ් ෂරීෆ් නියෝග කරයි

colombotoday

කිරි කෝඩුටත් ශීට් එකක් දෙමු

Admin

ජනපති රනිල් පාර්ලිමේන්තුවට එයි

Admin

ආගමික සිද්ධස්ථානයන්හි පුද්ගල එක්රැස්වීමට අවසර

colombotoday

ආගමන විගමන දෙපාර්තමේන්තුවෙන් දැනුම්දීමක්

Admin