Colombo Today Local NewsHot News

අවසන් සටනේ දී කොටි සිවිල් වැසියන් සමූල ඝාතනය කරලා – පරණගම කොමිසම සාක්ෂි සහිතව තහවුරු කරයි.

fig-5යුද්ධයේ අවසන් පැය 12 තුළ දී සිවිල් වැසියන් මාර දැමුවේ එල්.ටී.ටී.ඊ සංවිධානය බව සාක්ෂි ඔස්සේ තහවුරු වී ඇතැයි අතුරුදන් වූවන් පිළිබඳ සොයා බැලීමට පත් කළ පරණගම කොමිෂන් වාර්තා වේ සඳහන් වේ.

පරණගම කොමිෂන් වාර්තාව සහ දරුණු ගණයේ මානව හිමිකම් කඩවීම පිළිබඳ සොයාබැලීමට පත් කළ උදලාගම කොමිෂන් වාර්තා අගමැති රනිල් වික්‍රමසිංහ මහතා පාර්ලිමේන්තුවේදී අද (20) සභාගත කළේය.

යුද්ධය පැවැති කාලයේදී මෙරට මානව හිමිකම් කඩවීම සම්බන්ධව සොයාබැලීම සඳහා ස්වාධීන කමිටුවක් පත්කළ යුතු බව උදලාගම කොමිෂන් වාර්තාව නිර්දේශ කර තිබේ.

සෙංචෝලේහිදී 51 දෙනකු ඝාතනය වීම, ප්‍රංශයේ රාජ්‍ය නොවන සංවිධානයක 17 දෙනකු ඝාතනය වීම, මූතූර්හි මුස්ලිම් ජාතිකයන් ඝාතනය වීම ඇතුළු සිදුවීම් 16ක් පිළිබඳව උදලාගම කොමිසම විමර්ශනය කර ඇත.

පරණගම කොමිෂන් වාර්තාවට අනුව යුද්ධයේ අවසන් කාලයේදී මියගිය සිවිල් ජනතාවගේ මරණවලට මූලික වශයෙන් වගකිව යුත්තේ කොටි සංවිධානය බව එහි සඳහන් වේ.

එල්.ටී.ටී.ඊ සිය යුදමය අරමුණු තහවුරු කරගැනීම සඳහා සිවිල් ජනතාව තුන් ලක්ෂයක ප්‍රමාණයේ සිට තුන් ලක්ෂ තිස් දහසක් දක්වා සිය භාරයේ රඳවා තබා ගනිමින් ඔවුන් මරා දැමීමට කටයුතු කර ඇතැයි ද පරණගම වාර්තාවේ දැක්වෙයි.

ශ්‍රී ලංකා යුද හමුදාවට සමූල ඝාතන චෝදනා එල්ල කිරීම ප්‍රතික්ෂේප කරන පරණගම කොමිසම දරුස්මාන් වාර්තාව ද වැරැදි සහගත බව ප්‍රකාශය කර සිටියි.

අන්තර්ජාතික යුද අපරාධවලට රජය ලක් කිරීමේ චේතනාවෙන් දරුස්මාන් වාර්තාව සකසා ඇතැයි පවසන පරණගම කොමිසම සිවිල් ජනතාව 40,000ක් මියගිය බවට දරුස්මාන් වාර්තාව සඳහන් කර ඇතත් එවැන්නක් පිළිගත නොහැකි යැයි ද පවසයි. දරුස්මාන් වාර්තාව ඒ බව පවසා ඇත්තේ ආරංචි මාර්ග ඔස්සේ යැයි පරණගම කොමිසම කියා සිටියි.

අතුරුදන් වූවන් පිළිබඳ සොය බැලීමට කාර්යක්ෂම යාන්ත්‍රණයක් අදියර කීපයක් ඔස්සේ ස්ථාපිත කළ යුතු බව නිර්දේශ කරන පරණගම කොමිසම අත්අඩංගුවේ පසුවන සැකකරුවන්ට අදාළ නඩු කටයුතු කඩිනම් කළ යුතු බව ද දක්වා ඇත.

Related posts

කොටි සැකකරුවන්ට නිදහස ඉල්ලා උතුරේ හර්තාලයක් – කඩසාප්පුත් වසාදමයි

colombotoday

කල්‍යාණි රන් පිවිසුම අද මහජනතාවට විවෘත වෙයි

colombotoday

15 හැවිරිදි දැරිය අපයෝජනය කිරීම : අත්අඩංගුවට ගත් ප්‍රාදේශීය සභාපතිවරයා ඇතුලු 4කට ඇප

colombotoday

රොෂාන් රණසිංහ ඒකාබද්ධ විපක්ෂයෙන් ඉවත් වේ !

colombotoday

මෙරටින් ගුවන්යානා තෙල් නොලැබීම නිසා ශ්‍රී ලාංකික ගුවන් මගීන්ගේ ගමන් මලු දමා එයි

colombotoday

සියළු ආදායම් යෙදවූවත් ණය පොලී ගෙවීමටත් මදි.. ආර්ථිකයට වෙන්න යන දේ මෙන්න

colombotoday