Colombo Today Local News

ඥානසාර හිමි සිරගත කල ආණ්ඩුවට උත්තර දෙන්න ජනතාව බලාගෙන ඉන්නවා

ගලගොඩඅත්තේ ඥානසාර හිමි සිරගත කිරීම හුදකලා සිද්දියක් වශයෙන් සිදු නොවුවක් බවත් ඒ පිටුපස රාජ්‍ය නොවන සංවිධාන සහ එක්සත් ජාතීන්ගේ සංවිධානය පවා සිටි බව සිංහල රාවය මහ ලේකම් මාගල්කන්දේ සුදත්ත හිමි සඳහන් කර සිටිනවා.

ඊයේ (26) බොදු බල සේනා මුලස්ථානයේ පැවති මාධ්‍ය හමුවක් අමතමින් අදහස් දැක්වූ සුදත්ත හිමි….

රටේ නායකයන්ට අපි කියනවා, මේ රටේ තීරක බලය අපි… රටේ දිශානතිය තීරණය කරන්නේ අපි… රටේ නායකයා තීරණය කරන්නේ අපි… කියලා කියන සුළු ජාතික පක්ෂ කිහිපයක් තිබුනා. අපි ආණ්ඩුවට කියනවා මෙවර මේ රටේ තීරක බලය වෙන්නේ මේ භික්ෂුවයි. මේ රටේ ආණ්ඩු හදන රාජ්‍ය නායකයා තොරණ තීරක බලය භික්ෂුව හැටියට අපි අතට ගන්නවා. ඒ අනතුරු ඇඟවීම අපි ආණ්ඩුවට කරනවා.

ආණ්ඩුව තවදුරටත් භික්ෂුව සිරගත කරනවානම් ආණ්ඩුවට නැගිටීමක් නෑ.. මේ ආණ්ඩුව භික්ෂුවට කරන කෙනෙහිලිකම්වලට විරුද්දව ගම් මට්ටමින් සිංහලයා දැන් කඳවුරු බැඳගෙන ඉවරයි. ජනපතිතුමනි, අගමැති තුමනි තවදුරටත් රාජ්‍ය නොවන සංවිධානවල න්‍යාය පත්‍රය ක්‍රියාත්මක කරනවානම් ඔබලාට දේශපාලන අනාගතයක් නෑ.

ඥානසාර හිමි හිරගත කරලා භික්ෂුවගේ හඬ යටපත් කරන්න හදනවානම් ඒක එහෙම වෙන්නේ නෑ. දිගින් දිගටම.. හාමුදුරුවෝ හිරගත කරලා තියාගැනීම තුලින් ගම් මට්ටමේ සිංහල බුද්ධාය එකතු කරගන්න අපිට තවත් ලේසි වෙනවා. මිනිස්සු බලාගෙන ඉන්නේ ආණ්ඩුවට පාඩමක් උගන්නන්න.

Related posts

රාජ්‍ය සේවක වැටුප් වැඩි කිරීමේ යෝජනාවට වෛද්‍ය සංගමයේ විරෝධය !

colombotoday

ගබඩාකර තිබූ පුපුරණ ද්‍රව්‍ය තොගයක් STF මෙහෙයුමකින් සොයාගනී

colombotoday

නීතිපති ආරක්ෂක අංශවලට එරෙහි නඩු හයක් පිළිබඳව CIDයෙන් වාර්තාවක් කැඳවයි

colombotoday

පොදුජන එක්සත් පෙරමුණේ මහ සම්මේලන රැස්වීම අද

Admin

මරදාන මරියකඩෙන් සඟවාගෙන සිටි බිත්තර එළියට

Admin

සෞඛ්‍ය වැඩ වර්ජනය අවසන් කිරීමට තීරනයක්

Admin