කොළඹ කොටස් වෙළඳපොළට විදේශීය ආයෝජකයන් ආකර්ශනය කර ගැනීමේ උත්සාහයක් ලෙස එංගලන්තයේ – ලන්ඩන් නුවර සහ ස්විට්සරලන්තයේ සූරිච් නුවර ප්‍රවර්ධන වැඩසටහන් දෙකක් සංවිධාන කර තිබෙනවා. සූරිච් නුවර එම වැඩසටහන ඔක්තෝම්බර් 28 වනදා පැවැත්වෙන අතර ලන්ඩනයේ ප්‍රවර්ධන වැඩසටහන පැවැත්වෙන්නේ ඔක්තෝම්බර් 29 වනදා සහ 30 වනදායි. මෙරට කොටස් වෙළඳපොල තැරැව්කාර සමාගම්වල සහ මූල්‍ය ක්ෂේත්‍රයේ නියෝජිතයන් සමඟ මුදල් අමාත්‍ය රවී කරුණානායක ද මෙම වැඩසටහන්වලට එක්වනු ඇති.