Colombo Today Local News

හිසට පිස්‌තෝලයක්‌ තියලා… ! ආනන්ද අලුත්ගමගේගෙන් හිටපු සභාපතිට මරණ තර්ජන

මහනුවර දිස්‌ත්‍රික්‌ පාර්ලිමේන්තු මන්ත්‍රී හා නාවලපිටිය එජාප ප්‍රධාන සංවිධායක ආනන්ද අලුත්ගමගේ මහතා විසින් නාවලපිටිය පස්‌බාගේ ප්‍රාදේශීය සභාවේ හිටපු එජාප මන්ත්‍රී එම්. එස්‌. රත්නසිරි මහතාගේ හිසට පිස්‌තෝලයක්‌ තබා මරණ තර්ජනය කළේ යෑයි රත්නසිරි මහතා නාවලපිටිය පොලිසියට 10 වැනිදා රාත්‍රි පැමිණිල්ලක්‌ කර තිබේ.

තම නිවසට පැමිණ ඇති අලුත්ගමගේ මන්ත්‍රීවරයා මෙම මරණ තර්ජනය කළේ තම බිරිඳ, දියණිය හා තවත් හිතවතකු නිවසේ සිටියදී බව සභාපතිවරයා කළ පැමිණිල්ලේ දැක්‌වේ.

තමාට බැණ වැදී නාවලපිටියේ දේශපාලනය කරන්නේ අලුත්ගමගේලා පමණයි කියා මන්ත්‍රීවරයා කී බවත් තමන්ට විරුද්ධ වෙනවා නම් මරාදමන බවත් කියා පිස්‌තෝලය හිසට තබා තර්ජනය කළ බවත් එවිට බිරිඳ ඉදිරිපත්ව මන්ත්‍රීතුමා මේ පාර දිනුවේ අපේ මහත්තයා වැඩකළ නිසා බව කියා පැවසූ බවත් සභාපතිවරයා සඳහන් කරයි.

පසුගිය පළාත් පාලන මැතිවරණය සමග නාවලපිටිය නගර සභාව එජාපය පිහිටුවූවත් එහි නගරාධිපති ධුරයට පත් සසංක සම්පත් (රංග) මහතා සමග මන්ත්‍රීවරයා පවතින අමනාපයක්‌ නිසා කණ්‌ඩායම් දෙකක්‌ බිහිවීමේ ප්‍රතිඵලය මෙම ගැටුමට හේතු වී ඇති බව පරීක්‍ෂණ පවත්වන නාවලපිටිය පොලිසිය සඳහන් කරයි.

ආනන්ද අලුත්ගමගේ මන්ත්‍රීවරයාගෙන් මේ පිළිබඳව විමසීමට පෞද්ගලික දුරකථනයට හා කාර්යාලයට කතා කළත් ප්‍රතිචාරයක්‌ නොලැබුණි. මන්ත්‍රීවරයා තර්ජනය කරන අයුරු හඬපටයක ද සඳහන්ව ඇත. නාවලපිටිය පොලිසිය පරීක්‍ෂණ පවත්වති.

Divaina

Related posts

TNA රවිරාජ් නඩු තීන්දුවට අභියෝග කරයි.. අධිකරණය විශ්වාස නැතිලු !

colombotoday

පානම දළ පූට්‌ටුවාත් මාස 10 ක්‌ තිස්‌සේ අතුරුදන් !

colombotoday

මහ රහස් තොගයක් එළියට.. ඇමති මලික් සමරවික්‍රමත් බැදුම්කර කොමිසමට !

colombotoday

ඉරණමඩු ජලාශය අසල බුදු පිළිමය ඉවත් කරන්නැයි දෙමළ සන්ධාන මන්ත්‍රී දැනුම් දෙයි

colombotoday

“මෙදා සැරේ රජයත් අපේ, පොලිසියත් අපේ.. ඕන එකෙකුට ගහල එලවනවා” – ජෝන් ඇමතිට ව්‍යාග්‍රයා වැහෙයි

colombotoday

සහල් හිඟය තව මාසයක් තියනවා නියෝජ්‍ය ඇමති කියයි

Admin