Colombo Today Local News

මාධ්‍ය සාකච්ඡා තියා නැති ලෙඩ දාගන්න බෑ – මට වඩා භයානක කතා කියූ දේශපාලකයන් ඉන්නවා – විජයකලා කියයි

තමන් කළ ප‍්‍රකාශයට වඩා රටේ ආරක්‍ෂාවට තර්ජනයක් වන අන්දමේ ප‍්‍රකාශයන් කළ දේශපාලනඥයන් මේ රටේ කොතෙකුත් සිටින බව වනිතා කටයුතු පිළිබඳ හිටපු ඇමැතිනී විජයකලා මහේෂ්වරන් මන්ත‍්‍රීවරිය ප‍්‍රකාශ කළාය.

යාපනයේ පැවැති උත්සවයකදී රාජ්‍ය විරෝධී යැයි කියන ප‍්‍රකාශයක් කළේ යැයි යන චෝදනාව මත ඇයට එරෙහිව නඩු පවරන මෙන් නීතිපතිවරයා පොලිස්පතිවරයාට දැනුම් දී ඇතැයි යන තත්ත්වය සම්බන්ධයෙන් මන්ත‍්‍රීවරියගෙන් කරුණු විමසූ අවස්ථාවේදී ඇය මේ බව කියා සිටියාය.

යාපනයේ පැවැති උත්සවයකදී රාජ්‍ය විරෝධී යෑයි කියන ප්‍රකාශයක්‌ කළේ යෑයි යන චෝදනාව මත ඇයට එරෙහිව නඩු පවරන මෙන් නීතිපතිවරයා පොලිස්‌පතිවරයාට දැනුම් දී ඇතැයි යන තත්ත්වය සම්බන්ධයෙන් මන්ත්‍රීවරියගෙන් කරුණු විමසූ අවස්‌ථාවේදී ඇය මේ බව කියා සිටියාය.

තවදුරටත් ඇය කියා සිටියේ තමන් කී දේ සත්‍යතාවය පිළිබඳව අධිකරණයේදී හෝ යමක්‌ ප්‍රකාශ කිරීමට අවස්‌ථාව ලැබීම තමන් වෙනුවෙන් ඉතිරිව ඇති එකම දේ පමණක්‌ බවය.

ඒ අවස්‌ථාව එන තෙක්‌ නිහඬව සිටින බවත් ඇය කියා සිටියාය.

මන්ත්‍රීවරියට එරෙහිව නඩු පවරන බව වාර්තා වීමත් සමඟම උතුරේ මාධ්‍යවේදීහු වහාම ඇයගෙන් මාධ්‍ය සාකච්ඡාවක්‌ ඉල්ලා සිටියහ. ඒ මේ සම්බන්ධයෙන් ඇයගෙන් ප්‍රතිචාරයක්‌ ලබා ගැනීමටය. ඒ සියලු ඉල්ලීම් මන්ත්‍රීවරිය ප්‍රතික්‌ෂේප කරමින් කියා සිටියේ තවත් නැති ලෙඩක්‌ දමා ගැනීම මේ අවස්‌ථාවේදී අනවශ්‍ය බවය.

“මාව මේ තත්ත්වයට පත් කළෙත් දකුණේ මාධ්‍ය තමයි. නැති දේවල් කළෙත් ඔය මාධ්‍යයම තමයි. මාධ්‍යයට අවශ්‍ය වී තිබෙන්නේ දකුණේ සිංහල බෞද්ධ රාජ්‍යයක්‌ ගොඩනැඟීම සඳහා පමණයි. ඒ වෙනුවෙන් බිල්ලට දිය යුතු උදවිය බිල්ලට දීම මාධ්‍යයේ ස්‌වභාවය වී තිබෙනවා.

මේ අවස්‌ථාවේදී මම යළිත් හෝ දෙයක්‌ මාධ්‍යයට ප්‍රකාශ කිරීමට ගියහොත් පෙරට වඩා සංකීර්ණ තත්ත්වයක්‌ ඇතිවිය හැකියි.

මම කලින් කී දේ යළිත් ප්‍රකාශ කිරීමෙන් අනතුරුව තමයි මට අලුත් අදහසක්‌ ප්‍රකාශ කළ හැකි වන්නේ. ඒ නිසා ඒක තවත් භයානක තත්ත්වයක්‌ වෙනවා. ඒක නිසා මේ අවස්‌ථාව මාධ්‍ය සාකච්ඡා තබන්නට අවස්‌ථාවක්‌ නොවෙයි” යනුවෙන් උතුරේ මාධ්‍ය සංවිධානවලට විජයකලා මහේෂ්වරන් මන්ත්‍රීවරිය කියා සිටියාය.

Divaina

Related posts

සිසිල් කොතලාවල කටුනායකදී අත්අඩංගුවට… හදිසියේ ලෙඩ වී රෝහල්ගත කරයි

colombotoday

අර්ජුන් ඇලෝසියස්ට සිතාසි

colombotoday

“සහජීවනය ගැන අපට අමුතුවෙන් කියල දෙන්න ඕන නෑ“ – අස්ගිරි මල්වතු මහා නාහිමිවරු අල් හුසේන්ට කියයි

colombotoday

පොලිස් කොස්තාපල්වරු දෙදෙනෙක් අත්අඩංගුවට

colombotoday

මහින්ද – ලසන්ත රහස් සාකච්ඡාවක හඬපටයක් පිටවේ.. රහස් රැසක් එළියට !

colombotoday

පහරදීමකින් සිංහල තරුණයෙකු මිය යෑමත් සමග තෙල්දෙණිය නොසන්සුන්.. පොලිස් කැරළි මර්ධනය කැදවයි

colombotoday