Colombo Today Local News

බ්‍රිතාන්‍යයේ නව ශ්‍රී ලංකා මහ කොමසාරිස් මනීෂා ගුණසේකර

පුරප්පාඩුව පවතින බ්‍රිතාන්‍යයේ ශ්‍රී ලංකා මහ කොමසාරිස් තනතුර සඳහා මනීෂා ගුණසේකර මහත්මිය පත් කර ඇති බව වාර්තා වෙයි.

මනීෂා ගුණසේකර මහත්මිය දැනට දකුණු කොරියාවේ ශ්‍රී ලංකා තානාපති ධුරය හොබවන අතර ජනාධිපති මෛත්‍රිපාල සිරිසේනගේ උපදෙස් අනුව වෘතීමය රාජතාන්ත්‍රික නිලධාරියෙකු ලන්ඩනයට පත්කළ යුතු යැයි දැඩි ස්ථාවරයක සිටීමේ ප්‍රතිඵලයක් වශයෙන් 2008 වසරින් පසුව ප්‍රථම වතාවට නැවතත් මෙවැනි පත් කිරීමකට විදේශ කටයුතු අමාත්‍යංශය යොමු වූ බවද වාර්තා වේ.

මහා බ්‍රිතාන්‍යය රාජතාන්ත්‍රික කටයුතු වලදී යුරෝපයේ ප්‍රධානම වැදගත් කේන්ද්‍රස්ථානයක් වන අතරම දෙරට අතර රාජතාන්ත්‍රික කටයුතු නැවතත් වැඩි දියුණු කර ගැනීමේ අරමුණින් මෙම පත්වීම සිදුකළ බවද දැන ගැනීමට තිබේ.

අවසන් වරට වෘතීමය රාජතාන්ත්‍රික නිලධාරියෙකු මහ කොමසාරිස්වරයෙකු ලෙස ලන්ඩනයේ කටයුතු කළේ 2008 වසරේය.

Related posts

සිමෙන්ති මිල යළි ඉහළට

colombotoday

සාමාන්‍ය පෙළ/උසස් පෙළ දී දහම් පාසල් සහතිකයට ලකුණු ලබාදීමේ වැඩපිළිවෙලක්

colombotoday

මන්නාරම, සිලාවතුර නාවික කදවුරේ ඉඩම් ඉල්ලා සත්‍යග්‍රහයක්…

colombotoday

ජනපති හා ඒකාබද්ධ විපක්ෂය අතර හදිසි හමුවක් !

colombotoday

නොහැකියාව තනතුරුවලින් වසා ගන්න බෑ… එජාප නායකයා රනිල්මයි – වජිර සජිත්ට ටොකු අනී

colombotoday

රුධිරය පරිත්‍යාග කරන්නැයි ඉල්ලීමක්

colombotoday