Colombo Today Local News

මන්ත්‍රී ජොන්ස්ටන් ප්‍රනාන්දු රක්ෂිත බන්ධනාගාරගත කරයි…

හිටපු සමූපකාර සහ අභ්‍යන්තර වෙළඳ අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු ඇතුලූ තුන්දෙනෙකු ඔවුන්ට විරුද්ධව පවරා ඇති නඩුව විභාග කර අවසන් වන තුරු රක්ෂිත බන්ධනාාගර ගතකරන ලෙස කුරුණෑගල මහාධිකරණ විනිසුරු මේනකා විජේසුන්දර අද (03) නියෝග කළා.

2013 වයඹ පලාත් සභා මැතිවරණ සමයේදී  එවකට විෂය භාර අමාත්‍යවරයාව සිටිමින් සතොස ආයතනයේ මූල්‍ය වංචාවක් සිදුකිරීම සම්බන්ධයෙන් මොවුන්ට විරුද්ධව චෝදනා ගොනුකර තිබෙනවා.

ජොන්ස්ටන් ප්‍රනාන්දු හිටපු අමාත්‍යවරයාට අමතරව මෙලෙස චෝදනා එල්ලවී ඇත්තේ එවකට සතොස සභාපති නලින් ප්‍රනාන්දු සහ ජොන්ස්ටන් ප්‍රනාන්දුගේ හිටපු පෞද්ගලික ලේකම්වරයෙකු වන මොහොමඩ් සාකිටයි.

මෙම නඩුව අද සිට අඛන්ඩව විභාගයට ගන්නා බවද මහාධිකරණ විනිසුරුවරිය දැනුම්දුන්නා.

Related posts

පාන් බනිස් හා ආශ්‍රිත නිෂ්පාදන වල මිල වැඩි කිරීම වහා හකුලා ගනු.

colombotoday

ලෝක සාමය රැකගන්න ජනපති මෛත්‍රීගෙන් උදව්

colombotoday

පොලිස් නිලධාරීන්ටත් කෑම දීමනාවක්

colombotoday

රවීට එරෙහිව අපරාධ චෝදනා ගොනු කළ නොහැකියි

colombotoday

පොට්ටු අම්මාන් තමිල්නාඩුවේ යහතින් !

colombotoday

කුඩාවැල්ල ධීවර වරායේ යාත්‍රාවක් ගිනි ගනී

colombotoday