Colombo Today Local News

හයිකෝප් නඩුවෙන් ෆීල්ඩ් මාෂල් බෑණා නිදොස් කොට නිදහස්

danunaයුද හමුදාවට උපකරණ මිලදී ගැනීමේ අක්‍රමිකතාවක් සිදු වූ බවට චෝදනා එල්ල කොට නඩු පවරනු ලැබූ හිටපු යුද හමුදාපති සරත් ෆොන්සේකා මහතාගේ බෑණනුවන් වූ ධනුන තිලකරත්න මහතා අදාල නඩුවෙන් නිදොස් කොට නිදහස් කර තිබේ.

යුද හමුදාවට ආම්පන්න මිලදී ගැනීමේදී හයිකෝප් සමාගම වෙනුවෙන් පෙනී සිට මූල්‍ය අක්‍රමිකතා සිදුකළ බවට ධනුන තිලකරත්න මහතාට එරෙහිව නීතිපතිවරයා විසින් මෙම නඩුව ගොනුකර තිබිණි.

අදාළ නඩුව අද(15) කොළඹ මහාධිකරණයේදී කැඳවූ අවස්ථාවේදී සැකකාර තිලකරත්න මහතා වෙනුවෙන් පෙනී සිටි නීතිඥයින් අධිකරණයට වාර්තාවක් ඉදිරිපත් කරමින් කරුණු දක්වමින් පවසා ඇත්තේ අදාළ උපකරණ මිලදී ගැනීමට මිල ගණන් ඉදිරිපත් කර ඇත්තේ තම සේවාදායකයා නොවන බවයි.

එමෙන්ම අද නඩුව කැඳවූ අවස්ථාවේ රජයේ නීතිඥවරයා පවසා ඇත්තේ තමන් නඩු විභාගය අවසන් කරන බවයි. ඉදිරිපත් වූ කරුණු සලකා බැලූ කොළඹ මහාධිකරණ විනිසුරු දේවිකා තෙන්නකෝන් මහත්මිය නඩුවේ තීන්දුව ලබාදෙමින් පවසා සිටියේ ධනුන තිලකරත්න මහතා නිදොස් කොට නිදහස් කරන ප්‍රකාශ කර සිටියහ.

Related posts

අද IOC තෙල් බෙදන ලැයිස්තුව මෙන්න

colombotoday

නොමිළේ වයි-ෆයි : අගමැති පොරොන්දුව අළුත් කරයි !

colombotoday

රාජාංගනයේ සද්ධා රතන හිමි CID අත්අඩංගුවට

Admin

බස් රථයක බෝම්බ පුපුරවා තිදෙනෙකු ඝාතනය කිරීම.. ද්‍රවිඩ ජාතිකයන් හතරකට පස් වසරක සිර දඩුවමක්

colombotoday

ඉන්දියානු ජාවාරම්කරුවෙක් අත්අඩංගුවට.. ජනපති මෛත්‍රී ගැන කියා ඡායාරූපයක් පෙන්වයි

colombotoday

ඇමති වජිරගේ වැය ශීර්ෂයත් පරාදයි…

colombotoday