Colombo Today Local News

ඥානසාර හිමිගේ නිදහස වෙනුවෙන් උපරිම ශක්තිය යොදවලා කටයුතු කරනවා – කෝට්ටේ මහානාහිමි

පූජ්‍ය ගලගොඩඅත්තේ ඤාණසාර හිමියන්ට එල්ලවී ඇති චෝදනාවලට අදාලව අධිකරණමය කටයුතුවලින් උන්වහන්සේ සම්පූර්ණයෙන් නිදහස් කර ගැනීමට උපරිම ශක්තිය යොදවා ක්‍රියාකරන බව කෝට්ටේ ශ්‍රී කල්යාණි ධර්ම මහා සංඝ සභාවේ මහානායක අතිපූජ්‍ය ඉත්තෑපානේ ධම්මාලංකාර නාහිමියෝ පවසති.

බොදු බල සේනා මහා ලේකම් පුජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර හිමි ඇතුළු නියෝජිතයන් පිරිසක් මහා නායක හිමි බැහැදැකීමට ගිය අවස්ථාවේ උන්වහන්සේ මෙම අදහස් පලකර සිටියේය.

ඒ පිළිබදව උන්වහන්සේ වැඩිදුරටත් මෙසේ අදහස් දක්වා සිටියේය.

අපේ ගලගොඩඅත්තේ ඥානසාර ස්ථවීරයන් අපේ සංඝ සභාවේ භික්ෂුන් වහන්සේ නමක්. ඒ නිසා අපිට විශේෂ වගකීමක් පැවරෙනවා උන්වහන්සේ වෙනුවෙන් කටයුතු කිරීමට. එසේ කටයුතු මේ දක්වා ලේකකාධිකාරී හිමිගේ මැදිහත් වීමෙන් කෙරිලා තිබෙනවා. අපි නීතියට අතගහන්නේ නෑ . නමුත් සිදුවූ දේ පිළිබඳව සහ එහි නියම තත්වය පිළිබඳව පැහැදිලි කරලා ලබාගත හැකි උපරිම නිදහස ලබාගැනීමයි අත්‍යවශ්‍යව තිබෙන්නේ.

ඒ සඳහා මටත් මේ රටේ සංඝයාටත් පුළුවන් උපරිම ශක්තිය යොදවලා කටයුතු කරන බව මේ වෙලාවේ විශේෂයෙන්ම මතක් කරනවා. මා බලාපොරොත්තු වෙනවා ජනාධිපතිවරයාටත් අගමැතිවරයාටත් මේ ගැන පැහැදිලි කිරීමක් කරලා මේ තත්වය මෙයින් අවසන් කිරීමට අවශ්‍ය වැඩපිළිවෙල ගැනීම පිළිබඳව නායකත්වයක් මුලිකත්වයක් ගැනීමට සුදානම් බවත් මේ වෙලාවේ සඳහන් කිරීමට කැමතියි.

ජනාධිපතිවරයාත්, අගමැතිවරයාත් මේ පිළිබඳව දැනුවත්ව සිටින්නේ මං හිතනවා. අපේ ලේකකාධිකාරී අනුනායක ස්වාමින් වහන්සේ වාර කිහිපයක් ජනාධිපතිතුමාට කරුණු පැහැදිලි කර තිබෙනවා. ඒ නිසා මටත් දිය හැකි උපරිම ශක්තිය යොදවා ඒ පිළිබඳව කරුණු පැහැදිලි කර මේ තත්වයට විසඳුමක් ගැනීමට බලාපොරොත්තු වෙන බව ප්‍රකාශ කිරීමට කැමතියි.

Related posts

ඤාණසාර හිමි, විමල්, ගම්මන්පිල අපේ වැඩවලට බාධාවක්.. සිරගත කරනු – TNA මන්ත්‍රී ඉල්ලයි

colombotoday

ජනමාධ්‍ය හා සංඛ්‍යා ලේඛනවලට වැඩිය විශාල රෝගීන් සංඛ්‍යාවක් බිම් මට්ටමින් වාර්තා වෙනවා – කොවිඩ් වසංගතයේ දරුණු අවදානම් තත්වයක්

colombotoday

ග්ලයිපොසෙට් තහනම ඉවත් කිරීම ගැන ජනපති දන්නෙ නැතිලු…

colombotoday

උත්තර පත්‍ර ඇගයිමේ ගුරුවරු තෙල් ඉල්ලා මහපාරේ

colombotoday

බැඳුම්කරේට විද්ද ‘ටයි කෝට් හොරු අර්ථසාධකේටත් රිංගයි

colombotoday

මහ රහස් තොගයක් එළියට.. ඇමති මලික් සමරවික්‍රමත් බැදුම්කර කොමිසමට !

colombotoday