Colombo Today Local News

ත්‍රීරෝද රියෙන් ඇවිත් මහ මගදී වෙඩි තබා පැන යයි.. හමුදා කෝප්‍රල්වරයෙක් රෝහලට

රත්මලාන, චක්කින්ධාරාම මාර්ගයේ නිවසක සිදු වූ වෙඩි තැබීමකින් හමුදා කෝප්‍රල්වරයෙකු තුවාල ලබා තිබේ.

පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය සඳහන් කළේ අද(25) උදෑසන 7. 20 පමණ මෙම වෙඩි තැබිම සිදුව ඇති බවයි.

ලුතිතන් කර්නල්වරයෙකුට අයත් නිවසක සිටි කෝප්‍රල්වරයෙකුට මෙලෙස වෙඩි තබා ඇති බව සඳහන්ය.

වෙඩි වැදිමෙන් තුවාල ලැබූ කෝප්‍රල්වරයා ප්‍රතිකාර සඳහා කළුබෝවිල රෝහලට ඇතුළත් කර තිබේ.

ත්‍රිරෝද රථයකින් සහ යතුරුපැදියකින් පැමිණි කිහිප දෙනෙකු මෙම වෙඩි තැබීම සිදු කර පලාගොස් ඇති බව පොලීසිය සඳහන් කළේය.

ගල්කිස්ස පොලිසිය මේ සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන ආරම්භ කර තිබේ.

Related posts

ඉන්දීය විදේශ ඇමති හෙට දිවයිනට

colombotoday

මොරටුව විශ්වවිද්‍යාලය ලබා දුන් ගෑස් වාර්තාව ප්‍රසිද්ධ කරන ලෙස ඉල්ලයි

colombotoday

මෙරටට පැමිණෙන සංචාරකයින්ට ඉන්ධන බලපත්‍රයක්

colombotoday

කුඩාවැල්ල ධීවර වරායේ යාත්‍රාවක් ගිනි ගනී

colombotoday

පොල් තෙල් ආනයනය නැවැත්වීමෙන් වාසි ගත් මුස්ලිම් ව්‍යාපාරිකයෙකු කටු පොල් වගා කරන සමාගමක් මිලට ගනියි

colombotoday

තිළිණි ප්‍රියමාලි කුලී නිවසේ ලයිට් බිලටත් පොලු තියලා

Admin