ආරක්ෂක අමාත්‍යාංශ හිටපු ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතා යන්නේ වැරදි පාරේ බවත් ඔහු වටා සිටින්නේ මහා ධන කුවේරයින් සහ අන්තවාදී හමුදාකාරයින් බවත් ප්‍රවීණ දේශපාලන විචාරකයකු සහ හිටපු රාජ්‍යතාන්ත්‍රික නිලධාරියකු වන ආචාර්ය දයාන් ජයතිලක මහතා ප්‍රකාශ කරයි.
‘ලක්බිම ඉරිදා සංග්‍රහය’ පුවත්පත සමග පැවති සාකච්ජාවකදී ඔහු එම කාරණය අවධාරණය කර තිබේ.
ගෝඨාභය රාජපක්ෂගේ දේශපාලන ආගමනය වෙනුවෙන් මුලින්ම ගොඩ නැඟූ ‘එළිය’ සංවිධානයේ ප්‍රධානියෙකු වූ දයාන් ජයතිලක මහතා මේ වන විට ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාට සමීපව කටයුතු කරන අතර, රුසියාවේ ශ්‍රී ලංකා තානාපතිවරයා ලෙස පත් කිරිමට නියමිතව ඇතැයිද දේශපාලන ආරංචිමාර්ග කියා සිටී.