Colombo Today Local News

ලංකාවෙන්ම 1 වූ පොලිස් OICට දේශපාලන මාරුවක්

දේශපාලන හේතූන් මත සුරියවැව පොලිස් ස්ථානාධිපති වරයාට හදිසියේ මඩකලපුව ප්‍රදේශයට ස්ථාන මාරුවක් ලබා දිමට විරෝධය පළකරමින් ප්‍රදේශයේ ජනතාව හා මහ සගරුවන එක්ව අද පෙරවරුවේ පොලීසිය ඉදිරිපිට විරෝධතාවයක නිරතවිය.

විරෝධතාවයට එක්ව සිටි පිරිස පැවසුවේ සුරියවැව පොලිස් ස්ථානාධිපති පොලිස් පරීක්ෂක ක්‍රිෂාන්ත සම්පත් ජයසිංහ මහතා සුරියවැව ප්‍රදේශයට ඉමහත් සේවාවක් සිදු කල බවයි.

මිට මාස කිහිපයකට පෙර සුරියවැව සුරිවිරු ගම ප්‍රදේශයේදී දෙදරු පියෙකු වන අලි ප්‍රහාරයකට ලක්ව මිය ගිය අවස්ථාවේ එම අවමගුල් උත්සවයට සහභාගී වු පොලිස් ස්ථානාධිපතිවරයා වන අලි ගැටළුවට බළධාරීන් මිට වඩා මැදිහත් විය යුතු බව පවසා තිබේ.

ඔවුන් පැවසුවේ මේ හේතුවෙන් ප්‍රදේශයේ දේශපාලන නියෝජිතයින් කිහිප දෙනෙකුට මෙය දැඩි පහරක් විම හේතුවෙන් මෙලෙස ස්ථානාධිපති වරයා මාරු කර ඇති බවයි.

Related posts

ආණ්ඩුව සෝමාලියා නැවක් අල්ලගත්ත හොර කණ්ඩායමක් වගේ….

Admin

අගමැති අද ජාතිය අමතයි.. විශේෂ ප්‍රකාශයකට ලෑස්තියි

colombotoday

ගෝඨා ජනපති කරන්න දරදිය ඇද්ද හිමි නමකගෙන් පොහොට්ටු ජාතික ලැයිස්තු අපේක්ෂක අලි සබ්‍රි රු.බිලියන 1.5 ක වන්දියක් ඉල්ලයි

colombotoday

අවසරයකින් තොරව විදේස් මුදල් විකිණීම තහනම් කරයි

colombotoday

වාෂ්ප ආශ්වාස කිරීමෙන් කොවිඩ් 19 වළක්වා ගත නොහැකි බවට ලෝක සෞඛ්‍ය සංවිධානයෙන් ආන්දෝලනාත්මක ප්‍රකාශයක්.

colombotoday

ලොව වේගවත්ම මිනිසාටත් කොරෝනා ආසාදනය වෙයි

colombotoday