Colombo Today Local News

රාජපක්ෂලාට විතරද මේ පක්ෂය.. අනිත් උන්ට හොද නැද්ද? – වෙල්ගම අසයි

රාජපක්ෂට විතරක් නෙවෙයිනේ මේ පක්ෂේ. අනිත් වුන්ට හොඳ නැද්ද? යන්න එක්සත් ජනතා නිදහස් සන්ධාන පාර්ලිමේන්තු මන්ත්‍රී කුමාර වෙල්ගම මහතා පැවසීය.

ඒ ඊයේ (07) රාත්‍රියේ හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා සමඟ පැවති සාකච්ජාවකින් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමිනි.

එහිදී ඒ මහතා මෙසේ අදහස් දැක්වීය.

“ආණ්ඩුව ගන්නකම් එනවා. ගන්නවා බය වෙන්නේ නැතුව ඉන්න. වැඩි කාලයක් නැහැ. දැන් ඉතින් මේ ආණ්ඩුව ඉවරනේ. අපි ඉන්නේ මහින්ද මහත්තයා එක්ක. මහින්ද මහත්තයා ඉන්නකන් අපි මහින්ද මහත්තයා එක්ක ඉන්නවා. ඊට පස්සේ අපි බලමු. රාජපක්ෂට විතරක් නෙවෙයිනේ මේ පක්ෂේ. අනිත් වුන්ට හොඳ නැද්ද?එන එක්කෙනා ඉදී. මහින්ද රාජපක්ෂ මහත්තයා නම් කළොත් සහය දෙනවා කාට වුණත්. අපෙත් ඉන්නවා හොඳ අය. හොඳ ජෝකියෝ ඉන්නවා. ටොප් බඩු ඉන්නවා දෙන්නම් වෙලාවට. ලේකම්ව ආශ්‍රය කරලවත් තියෙනවද?, අහලවත් තියෙනවද? දවස් 45 බොයිලර්. එයා ඉතින් මහාචාර්යවරයෙක්. එයාට ප්‍රයෝගික දැනුම නැහැනේ. දේශපාලනය කවුද නොදන්නේ? අපේ ගෙදර ගෑනිත් දන්නවා දේශපාලනය.”

Related posts

ශ්‍රී ලංකාව හා ඉතියෝපියාව අතර අවබෝධතා ගිවිසුමක්.. රාජ්‍යතාන්ත්‍රික සබදතා තර කෙරේ!

colombotoday

ශ්‍රී ලංකාව සම්බන්ධයෙන් ඉදිරිපත් කළ යෝජනාව වැඩි ඡන්දයෙන් සම්මත වෙයි

colombotoday

ගලගොඩදී වෙඩි තැබීමක්

Admin

නිරෝධායන නීති යටතේ ජනතා විමුක්ති පෙරමුණට නඩු

colombotoday

පාස්කු ප්‍රහාරය වලක්වා නොගෙන ජනතාව ඉදිරියට එන්න ලැජ්ජ නැද්ද ? පාසල් සිසුවෙකුගේ පැනයෙන් මහේෂ්ට කට උත්තර නැතිවෙයි !

colombotoday

74 වන නිදහස වෙනුවෙන් සිරකරුවන් 197 ට නිදහස

colombotoday