Colombo Today Local News

අර්ජුන් මහේන්ද්‍රන් අතුරුදන්… වහා සොයා දෙන්න – අතුරුදන්වූවන්ගේ කාර්යාලයට පැමිණිලි කරයි

රුපියල් බිලියන ගණනක් වංචා කර රටේ ආර්ථිකය බරපතළ ලෙස බිඳ දැමූ එමෙන්ම ජාත්‍යන්තරය ඉදිරියේ රටේ ආර්ථික ප්‍රතිරූපයට බරපතළ ලෙස හානි පැමිණ වූ ආර්ථික ඝාතකයෙකු වන හිටපු මහ බැංකු අධිපති අර්ජුන් මහේන්ද්‍රන් මහතාගේ අතුරුදහන් වීම සම්බන්ධයෙන් අතුරුදහන් වූ තැනැත්තන් පිළිබඳ කාර්යාලය සිය ප්‍රමුඛ අවධානය යොමුකර ඔහු ගැන නිවැරදි තොරතුරු රටට අනාවරණය කළයුතුයැයි පිවිතුරු හෙළ උරුමයේ තරුණ කටයුතු ලේකම් සුගීශ්වර බංඩාර මහතා ප්‍රකාශ කරයි.

ඒ මහතා මේ බව ප්‍රකාශ කර සිටියේ අර්ජුන් මහේන්ද්‍රන් ගේ අතුරුදහන් වීම සම්බන්ධයෙන් පැමිණිලි කිරීම සඳහා පිවිතුරු හෙළ උරුමයේ තරුණ අංශය වන විජයබා පරපුරේ සාමාජිකයන් පිරිසක් අද දින (06) නාවල නාරාහේන්පිට පාරේ පිහිටි අතුරුදහන් වූ තැනැත්තන් පිළිබඳ කාර්යාලය වෙත පැමිණි අවස්ථාවේදීය.

 

Related posts

මරණ දණ්ඩනයට නියම වූ පොලිස් නිලධාරීන්

Admin

කොළඹ – මහනුවර මාර්ගයත් සම්පුර්ණයෙන්ම අවහිර කරමින් විරෝධතාවයක්

colombotoday

“තිතට මත.. මතට කත” මංගලගේ තැබෑරුම් චක්‍රලේඛය ජනපති අහෝසි කරයි

colombotoday

වනාතේ අරුණි හෙරොයින් එක්ක අතටම මාට්ටු

colombotoday

පාර්ලිමේන්තුවට යට කරන්නේ ගෙවල් 2000ක සල්ලි – සජිත්

colombotoday

එළිමහන් සංගීත ප්‍රසංගවල ශබ්ද විකාශන බලපත්‍ර ලබාදීමට පොලිස්පතිගෙන් උපදෙස්

colombotoday