Colombo Today Local News

පුංචි මන්ත්‍රීලාට ජනපතිගෙන් ආධ්‍යාත්මික වැඩමුළුවක්

රට තුළ යහපත් පළාත් පාලන ආයතන ව්‍යුහයක් ස්ථාපිත කිරීම වෙනුවෙන් දිවයිනේ සියලු පළාත් පාලන ආයතන නියෝජිතයින් සඳහා අධ්‍යාත්මික සංවර්ධන වැඩමුළු මාලාවක් ඉදිරියේදී පළාත් මට්ටමින් පැවැත්වීමට උපදෙස් ලබාදී තිබෙන බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පවසයි.

මෙතෙක් පළාත් පාලන ආයතන ක්‍රියාත්මක වූයේ භෞතික සම්පත් සංවර්ධනය සඳහා පමණක් වුව ද මිනිසුන්ගේ ගුණවත්කම් සහ යහපත්කම් සංවර්ධනය කරමින් යහපත් සමාජයක් ගොඩනැගීමට දායකත්වය ලබාදෙන කේන්ද්‍රීය ස්ථානයක් බවට ඉදිරියේදී පළාත් පාලන ආයතන පත්විය යුතු බව ද ජනාධිපතිවරයා පැවැසීය.

දේශපාලන පක්ෂයක තිබිය යුතු විනය සමග දේශපාලනඥයන් තුළ තිබිය යතු විනය, චරිතවත්බව, සවන්දීම සහ නිර්මාණශීලිත්වය ගොඩනගා ගැනීමේ අවශ්‍යතාවය නවක පළාත් පාලන නියෝජිතයින් වෙත පෙන්වා දුන් ජනාධිපතිවරයා විශේෂයෙන් ජනතාව අතරට යමින් ඔවුන්ගේ අවශ්‍යතා සොයා බලා ආයතනික වශයෙන් ඉටුකළ හැකි කාර්යය නොපිරිහෙළා ඉටුකිරීමේ වගකීම ද පැහැදිළි කරනු ලැබුවේය.

ජනාධිපතවරයා මේ බව සඳහන් කළේ පොළොන්නරුව දිස්ති‍්‍රක් නව පළාත් පාලන නියෝජිතයින් සඳහා පැවති වැඩමුළුවකට ඊයේ (01දා) පොළොන්නරුවේදී එක්වෙමිනි.

Related posts

නොරොච්චෝලේ හැදුවේ නැත්තම් අද ජනතාව කලුවරේ – මහින්ද

colombotoday

නීති විරෝධී ලෙස මෙරටට එවූ බීඩී කොළ කිලෝ 1456ක් මන්නරෙමෙන් සොයා ගනී

colombotoday

රටේ ණය බර වැඩිවෙලා රාජ්‍ය සේවක වැටුප් ගෙවාගන්නවත් බැහැ -ජනපති

colombotoday

අගමැති ධුරයෙන් ඉවත්වෙන්නැයි ජනපති මෛත්‍රී අගමැති රනිල්ට දන්වයි !!

colombotoday

කිරි තේ එකක මිල පහළට

Admin

බුර්කාවක් හැඳගත් පිරිමියෙකු දෙහිවලින් අත්අඩංගුවට

colombotoday