2015 ජනවාරි 8 වනදා පැවති ජනාධිපතිවරණයේ ප්රතිඵල නිකුත් වීමට පෙර තමා කොළඹින් පිටත්වූ බව හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ පවසනවා. ඔහු කියා සිටියේ ඒ වනවිටත් රටේ ජනාධිපතිවරයා තමන් බවයි. කොළඹ පිහිටි නිල නිවසේ පැවති වැඩසටහනකින් අනතුරුවයි හිටපු ජනාධිපතිවරයා මේ බව කියා සිටියේ. පසුගියදා ජනාධිපති මෛත්රීපාල සිරිසේන මහතා සදහන් කර තිබුණේ ,
- “පැරදුනු මහින්දට රාජපක්ෂ මහත්තයලට හෙලිකොප්ටර් දුන්නේ මම නෙවෙයි” “ගුවන් හමුදාපති කියනවා, එතකොට එය දෙවෙනියා ජනාධිපතිතුමා කිව්වයි කියලා අහවලා කිව්වා කියලා. මම මේ ලෝකේ දෙයක් දන්නේ නැහැ”
යනුවෙන්.
ඒ සම්බන්ධයෙන් වැඩිදුරටත් අදහස් දක්වන හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ කියා සිටියේ
” මම දන්නා තරමට මම රටේ ජනාධිපති වෙලා ඉද්දි තමයි ගියේ. මම කොළඹින් ගියේ ප්රතිඵල නිකුත් වෙන්න ඉස්සර වෙලා. මගේ ආරක්ෂක අංශ ප්රධානියා පොළොන්නරුවේ එක්කෙනෙක්. වික්රමසිංහ මහත්තයා. එයා කෙලින්ම එතනට ගියා. “