Colombo Today Local News

අමිත් වීරසිංහට පහර දුන් ඖෂධ සංයෝජක අත්අඩංගුවට

දිගන හා තෙල්දෙණියේ සිදුවූ කෝලාහල සිද්ධීන්ට සම්බන්ධ බවට සැකපිට ‍පොලීසිය අත්අඩංගුවට ගෙන අනුරාධපුර බන්ධනාගාරයේ රක්ෂිත බන්ධනාගාර ගත කර සිටින මහසෝන් බළකායේ අමිත් ජීවන්ත වීරසිංහට බන්ධනාගාර රෝහල් ඖෂධාලයේදී පහරදුන් බව කියන ඖෂධ සංයෝජකවරයා පෙරේදා (30) අනුරාධපුර මූලස්ථාන ‍පොලීසියට භාරවීමෙන් අනතුරුව අත්අඩංගුවට ගෙන ඇත.

අනුරාධපුර මූලස්ථාන ‍පොලීසියේ විවිධ පැමිණිලි අංශයට වීරසිංහ මහතාගේ බිරිඳ පසුගිය (26)වනදා කළ පැමිණිල්ලක් මත සිදු කළ විමර්ශනවලින් අනතුරුව ඖෂධ සංයෝජකවරයා පහරදීම සිදුකර තිබෙන බවට ‍පොලීසිය තහවුරු කරගෙන අත්අඩංගුවට ගෙන තිබුණි.

රක්ෂිත බන්ධනාගාර ගත කර සිටින මහසෝන් බළකායේ අමිත් වීරසිංහ මහතා සුළු අසනීප තත්ත්වයකට පසුගිය (24) වනදා ප්‍රතිකාර ගැනීම සඳහා බන්ධනාගාර රෝහ‍ලේ බාහිර ප්‍රතිකාර ඒකකයට ගිය අවස්ථාවේ ඖෂධ සංයෝජකවරයා විසින් බහින්බස්වීමක් ඇති කරගෙන අමිත්ගේ බෙල්ල ප්‍රදේශයට පහරදී තිබේ.

පහරකෑමට ලක් වූ අමිත් ප්‍රතිකාර සඳහා අනුරාධපුර ශික්ෂණ රෝහලට ඇතුළත්වී ඇති අතර බිරිඳ ඔහු බැලීමට බන්ධනාගාරයට ගිය අවස්ථාවේ ඔහු පහරකෑමට ලක්වී රෝහල් ගතකර තිබෙන බව නිලධාරීන් පැවැසීමෙන් අනතුරුව බිරිඳ ඔහු බැලීමට රෝහලට ගොස් අනතුරුව ‍පොලීසියට පැමිණිල්ල ඉදිරිපත් කර තිබුණි.

පහරදුන් බව කියන බන්ධනාගාර ඖෂධ සංයෝජකවරයා අමිත් වීරසිංහ මහතා තමන්ට පහරදුන් බව කියමින් රඹෑව රජයේ රෝහලට ඇතුළත්වී ප්‍රතිකාර ලබාගෙන තිබෙන බවත් අමිත් වීරසිංහ පහරදුන් බව කියමින් ඔහු අනුරාධපුර මූලස්ථාන ‍පොලීසියට පැමිණිලි කර ඇතත් සිදුකළ පරීක්ෂණවලදී ඔහු කිසිදු පහරදීමක් කර නොමැති බව ‍පොලීසිය අනාවරණය කරගෙන තිබුණි.

බන්ධනාගාර ඖෂධ සංයෝජකවරයාට අමිත් වීරසිංහ පහරදීමක් සිදුකරේද යන්න සම්බන්ධයෙන් බන්ධනාගාරයේ රඳවා සිටි සැකකරුවෙකුගෙන් හා නියාමකවරයෙකුගෙන් ‍පොලීසිය ප්‍රශ්න කළ අවස්ථාවේ ඔහු ඖෂධ සංයෝජකවරයාට පහර නොදුන් බවත් එම නිලධාරියා අමිත් වීරසිංහ මහතාට පහරදෙන අයුරු දුටු බවත් ඔවුන් පවසා තිබුණි.

අත්අඩංගුවට ගත් බන්ධනාගාර ඖෂධ සංයෝජකවරයා ඊයේ (30) අනුරාධපුර මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කෙරුණි. අනුරාධපුර මූලස්ථාන ‍පොලීසියේ විවිධ පැමිණිලි අංශයේ ස්ථානාධිපති උප ‍පොලිස් පරීක්ෂක කේ.ඒ. රත්නසිරි මහතා ඇතුළු නිලධාරීහු පිරිසක් සැකකරු අත්අඩංගුවට ගෙන තිබුණි.

Related posts

හෙට පාර්ලිමේන්තු සංකිර්ණයට රැගෙන එන තොන්ඩමන්ගේ දේහය

colombotoday

විශේෂඥ වෛද්‍යවරුන්ගේ විශ්‍රාම වයස ගැන අධිකරණයෙන් නියෝගයක්

Admin

ශ්‍රී ලංකා වෛද්‍ය සභාව ගත් තීරණය ගැන රුසියානු පාර්ශ්වයේ අවධානය

colombotoday

වඳ දොස්තර සාෆිගේ ගිණුමට මුදල් ආව හැටි මෙන්න

colombotoday

උතුරේ අධ්‍යාපන ඇමතිට “සංහිදියාව” ඇලජික් වෙයි.. ජාතික කොඩිය ඔසවන්න බෑ කියයි (Video)

colombotoday

නව වාරිමාර්ග සහ ජලසම්පත් අමාත්‍යවරයා ලෙස ශෂීන්ද්‍ර රාජපක්ෂ පත්වේ

Admin