Colombo Today Local News

ළමා ඉතුරුම් ගිණුම්වලට පැනවූ බද්ද ඇමති මංගල හකුලා ගනියි

වයස අවුරුදු 18 ට අඩු බැංකු ගිණුම් හිමියන්ගේ පොළිය මත මීට මසකට පමණ ඉහතදීපැනවූ 5% රඳවා ගැනීමේ බද්ද සහ ලේඛකයින්ගේ කර්තෘ භාග මත පනවා තිබූ 14% බද්ද වහාම ක්‍රියාත්මක වන පරිදි ඉවත් කිරීම සඳහා බදු පනත සංශෝධනය කිරීමට මුදල් හා ජනමාධ්‍ය අමාත්‍ය මංගල සමරවීර ඉදිරිපත් කල කැබිනට් සංදේශයට අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමිවී ඇත.

අමාත්‍ය මණ්ඩල ආරංචිමාර්ග සඳහන් කරන ආකාරයට මසකට පෙර “ඕනෑම තැනැත්තෙකුගේ (ජේෂ්ඨ පුරවැසියන් හැර) බැංකු තැම්පතු සඳහා ලැබෙන පොළී ආදායම 5%ක අනුපාතයෙන් රඳවා ගැනීමේ බද්දට” යටත් වෙන පරිදි සංශෝදනය කෙරිණි. එය ළමා ගිනුම් සඳහා ද අදාලවී ඇත.

නමුත් අමාත්‍යවරයා ඊයේ (30) ඉදිරිපත් කළ කැබිනට් සංදේශය අනුව ඕනෑම මුල්‍ය ආයතනයක පවත්වාගෙන යනු ලබන තැන්පතු මත වයස 18 ට අඩු ළමයින් විසින් ඉපැයෙන පොළිය රඳවා ගැනීමේ බද්දෙන් නිදහස් කර ඇත.

එසේම නව සංශෝධන යෝජනා අනුව ගෙවනු ලබන රාජ්‍යභාග තක්සේරු වර්ෂයක් සඳහා රුපියල් ලක්ෂ 5 ක උපරිමයකට යටත්ව මසකට රුපියල් 50,000ක් නොයික්මවයි නම් රඳවා ගැනීමේ බද්ද අඩු නොකිරීමට යෝජනා කර ඇත. ඒ අනුව මේ 2018 මාර්තු 31 දිනට පෙර ඇති තත්ත්වයට පත්කිකර ඇත.

Related posts

පුරවැසි බලය ලොක්කෝ රතුඑළි දල්වයි… ජනපති නිවස ඉදිරිපිට මිය යනතුරු උපවාසයකට සැරසෙයි

colombotoday

දෙවන විශ්වාසභාංගයත් ජනපති විසි කරයි…. විධිමත් ක්‍රමයට කරන්නැයි දන්වයි…

colombotoday

ගජ උතුරේ සියලුම පාසල් වස්සවයි

colombotoday

පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට වෙන්වූ තැපැල් මුද්දරයක් නිකුත් කරයි

Admin

ගසකට බිලි වූ ජීවිතය

Admin

ඔළුවට යකඩ ඉන්නකින් ඇන පුතෙකු මව මරා දාලා..

colombotoday